11
Jun
පොදු සම්පත් (Commons) තුළ අපි පෘථිවිය සහ එකිනෙකා වෙනුවෙන් සැලකිලිමත් වෙමු, බෙදාහදා ගනිමු. ස්වභාවධර්මයේ පාරිසරික සීමාවන් පිළිබඳ අපි සවිඥානික වෙමු. එම සීමාවන් මඟින් ඇය නිර්මාණය කරන දායාදවලින් ඇයට හිමි කොටස නැවත ඇය වෙතම ලැබී, ජෛව විවිධත්වය සහ පරිසර පද්ධති පවත්වාගෙන යාම සහතික කරයි. සියලු මිනිසුන්ට වාතය, ජලය සහ ආහාර සඳහා අයිතියක් ඇති බව අපි දනිමු. එමෙන්ම අනාගත පරම්පරාවන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් අපට වගකීමක් ඇති බවද අපි සැලකිල්ලට ගනිමු. ඊට ප්‍රතිවිරුද්ධව, පොදු සම්පත් වටලාගෙන පෞද්ගලික කරගැනීම (Enclosures of the Commons) පාරිසරික අර්බුදයේත්, දරිද්‍රතාවය සහ සාගින්න, අයිතිවාසිකම් අහිමිවීම සහ ජනතාව අවතැන් වීම යන අර්බුදයන්ගේත් මූලික හේතුව වේ. නිස්සාරණවාදය (Extractivism) විසින් ජීවය සමස්තයක් ලෙස…
