Blog

නව ගෝලීය පද්ධතියක් ගොඩනැගීම සඳහා …

නව ගෝලීය පද්ධතියක් ගොඩනැගීම සඳහා …

අපට අවශ්‍ය වන්නේ සාධාරණ හා පරිවර්තනීය වෙනසක් සඳහාවූත්, දැනුවත්වූත් පීඩිත ජනතාවගේ පෙළ ගැසිමකි! එහි මූලික පියවර වනුයේ මහජන කොමියුන ගොඩනැගීමයි. ආර්ථික වශයෙන් පාරිසරික බිඳවැටීම, වැඩිවන දරිද්‍රතාවය, පුලුල්ව පැතිරුනු කුසගින්න සහ ගැඹුරු වන අසමානතාවයන්, ඉඩම් සහ ජනතාව සූරාකෑමේ නව ආකෘති සහ ඉහළ යන මර්දනය සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් වැනි එකිනෙකට බැඳී ඇති අර්බුදවල උග්‍රවීමෙන් බේරීමට බිලියන සංඛ්‍යාත ජනතාවක් යන්තම් එදිනෙදා ජීවිතය ගැටගසා ගන්නාවූ තීරණාත්මක සන්ධිස්ථානයක අපි සිටිමු. අපි ජීවත් වන්නේ අයුක්තිය සහ අසාධාරණ ලෙස සූරාකෑම සාමාන්‍යකරණය කළ, අක්‍රිය පද්ධතියකින් පවත්වා ගෙන යන සහ යටත් විජිත අතීතයක සිට පැවත එන පීඩාකාරී පදනම් මත ගොඩනගා ඇති ලෝකයක ය. ගෝලීය දකුණ කිසිදා නිම…
Read More
ව්‍යසනයට එරෙහිව දකුණු ආසියානු කලාපයේ ජනතාවගේ සහයෝගිතාවය සඳහා…

ව්‍යසනයට එරෙහිව දකුණු ආසියානු කලාපයේ ජනතාවගේ සහයෝගිතාවය සඳහා…

ඉන්දියාව සහ පාකිස්තානය අතර පසුගිය දිනවල ඇතිවූ සටනෙන් පසු නැඟී ආ දූවිලි දැනට සමනය වී ඇති නමුත් - මේ දක්වා මෙම දෙරට අතර ඇති වඩාත්ම වැදගත් ගුවන් ගැටුම මෙය වන බැවින් - එහි පුළුල් වැදගත්කම ගැන සලකා බැලීම වැදගත්වේ. එහි මූලාරම්භය කුමක්ද යන්න සහ එය කලාපයේ දේශපාලනයට බලපාන්නේ කෙසේද?යන්න මෙහිදී වැගත්වේ. මෙම ගැටුමේ ආසන්නතම ප්‍රේරකය වූයේ අප්‍රේල් අග දී කාශ්මීර සටන්කාමීන් විසින් පහල්ගම් හි (Pahgalagam) සිදු කරන ලද ත්‍රස්ත ප්‍රහාරය වන අතර එහිදී සංචාරකයෝ 26 දෙනෙකු මිය ගියහ. මෙම වෙඩි තැබීම මෙහෙයවූ බවට ඉන්දීය රජය විසින් පකිස්ථාන රජයට චෝදනා කළේය. පකිස්ථානය චෝදනා ප්‍රතික්ෂේප කළ අතර ඒකාබද්ධ පරීක්ෂණයක් ආරම්භ කිරීමට ඉදිරිපත්…
Read More
ඉඩම් කොල්ලකෑමේ ජයග්‍රාහකයින් ගැන වචනයක්…

ඉඩම් කොල්ලකෑමේ ජයග්‍රාහකයින් ගැන වචනයක්…

 මීට වසර සියයකට පෙර, එනම් පළමු ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය සහ එහි ප්‍රංශ සගයා විසින් පැරණි ඔටෝමාන් ආධිපත්‍යය දැරූ අරාබි ලෝකය බිඳ දමා නව රටවල් (ඉරාකය, ලෙබනනය, සෞදි අරාබිය), ප්‍රධාන මර්මස්ථාන සහ මුරපොලවල් (ගල්ෆ් රාජ්‍යයන්, දකුණු යේමනය) සහ රූකඩ රාජ්‍යයන් (ඊජිප්තුව, ඉරානය) නිර්මාණය කළ අතර, එමගින්, දෙවන ලෝක යුද්ධයෙන් පසු ඊශ්‍රායලය ගොඩනැඟීමේ මූලික අත්තිවාරම් දැමූහ. “අධිරාජ්‍යවාදී භීෂණයේ "සංශ්ලේෂණය" ෆැසිස්ට්වාදය වන අතර එය අධිරාජ්‍යවාදී යුගයේ කර්තව්‍යයන් හමුවේ ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයේ බංකොලොත් භාවයෙන් සෘජුවම උපත ලබයි.“ ලියොන් ට්‍රොට්ස්කි එයින් වසර සියයකට පමණ පසු, කොමියුනිස්ට් කඳවුර බිඳවැටීමෙන් අනතුරුව, ජයග්‍රාහී එක්සත් ජනපදය විසින් අරාබි ලෝකය බෝල්කනීකරණය කිරීමට සහ එහි ආධිපත්‍යයට ඇති සියලු…
Read More
බුද්ධිමය ස්වාධිනත්වයෙන් යුත් සමෘධ ස්ත්‍රී පුරුෂයන් ඇති සමාජයක් ගොඩ නැගීම ප්‍රමුඛ විය යුතු නොවේ ද?

බුද්ධිමය ස්වාධිනත්වයෙන් යුත් සමෘධ ස්ත්‍රී පුරුෂයන් ඇති සමාජයක් ගොඩ නැගීම ප්‍රමුඛ විය යුතු නොවේ ද?

විජයානන්ද ජයවීර පාසැල් විෂය මාලාව සංශෝධනය කරන බවට ඉඟි පහළ වී ඇතත් පාසැල් විෂය මාලාව සංශෝධනය කළ යුත්තේ ඇයි සහ සංශෝධනය විය යුතු වන්නේ මොනවාද යන්න පිළිබඳ සමාජ කතිකාවක් ඇති තිරීමට අධ්‍යාපන බලධාරීන් තවමත් පියවර ගෙන ඇති බවක් නො පෙනේ. ඒ එසේ වුව ද හුදෙක් ඉගෙන ගැනීම පමණක් නො ව හරියට සිතන්නේ කෙසේද යන්නත් දැන ඉගෙන ගැනීමේ ඉඩ කඩ අපේ පාසැල් වල විෂය මාලාවට ඇතුලත් විය යුතු යැයි අධ්‍යාපනඥයින්ට යෝජනා කිරීමට මම කැමැත්තෙමි. ඒ අනුව දැනුම් න්‍යාය (Theory of Knowledge) මූලික විෂයක් ලෙස පාසැල් වලට හඳුන්වා දීම විචක්ෂණශීලී, කල්පනාකාරී, වගකිවයුතු සහ සබුද්ධියෙන් මෙහෙයවිය හැකි අනාගත පරපුරක් බිහිකිරීම සඳහා කරන වැදගත්…
Read More
මැයි දින ප්‍රකාශය 2025 – ලොව පුරා කම්කරු අයිතීන් රැකීමට පෙළ ගැසෙමු!

මැයි දින ප්‍රකාශය 2025 – ලොව පුරා කම්කරු අයිතීන් රැකීමට පෙළ ගැසෙමු!

මෙම ජාත්‍යන්තර කම්කරු දිනයේදී, අපි ලොව පුරා කම්කරුවන්ගේ අරගල සහ ජයග්‍රහණ සමරමු. ඔවුහු සාධාරණ වැටුප්, ආරක්ෂිත වැඩ පරිසර සහ කම්කරු ගෞරවය සඳහා නිරන්තරයෙන් සටන් කරමින් සිටිති. මැයි දිනය යනු හුදෙක් අතීත ජයග්‍රහණ සැමරීම පමණක් නොව, ලොව පුරා වැඩ කරන ස්ථානවල පවතින බෙදුම්වාදය, අසාධාරණකම සහ පීඩනයට එරෙහිව සිදුවන නිරන්තර සටනට ඇති කැඳවීමකි.  2025 වර්ෂයේදී, කම්කරුවෝ නව අභියෝග රාශියකට —ස්වයංක්‍රීයකරණය, අස්ථාවර ගිග් ආර්ථික රැකියා, වැටුප් කප්පාදුව, සහ ශ්‍ර‍මිකයන්ගේ සංක්‍ර‍මණික අයිතීන් අවහිර කිරීම් වැනි ගැටලුවලට මුහුණ දෙති. බොහෝ රටවල, රජයන් හා සමාගම් සාමූහික ගිවිසුම්, වැඩ ස්ථාන ආරක්ෂාව සහ සමාජ ආරක්ෂණ වැඩසටහන් දුර්වල කරමින් සිටී. එසේම, මිලියන ගණනක් තවමත් මූලික අයිතීන් හෝ ආරක්ෂාව නොමැතිව…
Read More
බටලන්දෙන් ඇවිළෙන ගිනිදැල් නිවෙන්නේ කෙසේද?

බටලන්දෙන් ඇවිළෙන ගිනිදැල් නිවෙන්නේ කෙසේද?

Originally From: https://vivaranalk.com අනූවේ දශකයේ ආරම්භයේ ඇවිලී ගිය බටලන්ද වධකාගාරය පිළිබඳ උණුසුම් සංවාද විවාද බටලන්ද පිළිබඳ කොමිසම් සභාවක් පත් කිරීමෙන් බොහෝ දුරට සමහන් විය. කොමිසම ඉදිරියේ දුන් සාක්ෂිවලට මහත් ප්‍රසිද්ධියක් ලැබුණ ද එහි වාර්තාව ගැන ප්‍රමාණවත් උනන්දුවක් දැක් වූයේ නැත. අනූ හතරේ දී චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපති වශයෙන් තේරී පත් වීමෙන් හා අනතුරුව පැවති මහා මැතිවරණයේ දී පොදුජන එක්සත් පෙරමුණු රජය බලයට පත්වීමෙන් පසුව බටලන්ද වධකාගාරය මෙන්ම තවත් ආන්දෝලනාත්මක ඝාතන රැසක් ගැන විමර්ශන කොමිසම් සභා පත් කෙරිණ. එවැනි කොමිසම් සභාවලින් විශේෂයෙන්ම සඳහන් කළ යුතු වන්නේ චන්ද්‍රිකා කුමාරතුංග ගේ සැමියා වූ විජය කුමාරතුංග ඝාතනය ගැන පත් කළ කොමිසම් සභාවයි. එහෙත් චන්ද්‍රිකා රජය…
Read More
දකුණු ආසියානු තේ කම්කරුවාගේ හෙට දවස..

දකුණු ආසියානු තේ කම්කරුවාගේ හෙට දවස..

Originally from: https://vivaranalk.com දකුණු ආසියාවේ මිලියන සංඛ්‍යාත වතු කම්කරුවන් අතරින්  තේ කම්කරුවන්ට ලැබෙනුයේ ප්‍රමුඛ ස්ථානයකි. ශ්‍රීලංකාව, ඉන්දියාව, බංගලාදේශය සහ නේපාලය  කලාපයේ   තේ නිපදවෙන ප්‍රධාන රටවල් හතර අතරින්  ලෝක වෙළඳ මධ්‍යස්ථාන වාර්තාවන්ට අනුව තේ අපනයන අතින්  තුන් වන තැන ලංකාවටත්, හත් වැනි තැන නේපාලයටත් හිමිය. ඉන්දියාවට 51 වැනි ස්ථානයේත්, බංගලාදේශය 133 ස්ථානයේත් පසුවේ. එහෙත්  මෙකී රටවල තේ  වතු කම්කරුවන්, විශේෂයෙන් ස්ත්‍රීන්ට  හා කම්කරු පන්තික පවුල්වලට බලපාන ජිවන කොන්දේසි පවතිනුයේ ඉතාමත් ශෝචනීය තත්වයකයි.  කම්කරු  අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් වලට ඔබ්බට ගොස් ඔවුන්ගේ     ආදිවාසී, දලිත් වාර්ගික සහ අනෙකුත් ආන්තික ජන  අයිතිවාසිකම් හා  සමාජ යුක්තිය කෙරෙහි ද   මෙම රටවල් හතර පුරාම ගැටළු පැන නැගී ඇත.…
Read More
මධ්‍යගත රජයේ මුරණ්ඩු බලපරාක්‍රමය දමනය කිරීම සඳහා…

මධ්‍යගත රජයේ මුරණ්ඩු බලපරාක්‍රමය දමනය කිරීම සඳහා…

Originally from: https://www.facebook.com/wijayananda.jayaweera හැකි ඉක්මණින් පළාත් පාලන මැතිවරණ පැවැත්වීම සඳහා විධිවිධාන යෙදීමට ආණ්ඩුව තීරණය කර තිබේ. එය හොඳය. "ආණ්ඩුව අපේ වුණාට රජය තවමත් අපේ නොවේ" යැයි මැසිවිලි කියන මැති ඇමතිවරුන් දැන් කල්පනා කළ යුත්තේ මධ්‍යගත රජයේ මුරණ්ඩු බලපරාක්‍රමය දමනය කිරීම සඳහා වැඩිදියුණු කළ පළාත් පාලන ආයතන ක්‍රමයක් මගින් ඒ බලය විමධ්‍යගත කොට බලයේ වගවීම මහජනතාවට සෘජුව අභිමුඛ කිරීමයි. සෘජු ප්‍රජාතන්ත්‍රවාදය දියත් කිරීමට පළාත් පාළන ආයතන වලට ඇති විභවය වැඩිය. දැනටම්ත් ඇතැම් රටවල පළාත් පාලන ආයතනවල අයවැය සාකච්ඡා කිරීම මහජන සංවිචාරණයකින් සිදුවේ. ඒ නිසා පරණ චිරාගත භුමිකාව ඉක්මවා ගොස් පළාත් පාලන ආයතන සක්‍රිය ප්‍රජාතන්ත්‍රවාදයේ සහ ප්‍රාදේශිය සංවර්ධනයේ මර්මස්ථාන බවට පත් කිරීමට…
Read More
අතීසාරයට අමුඩ ගැසීමෙන් රෝගය සුව නොවන බව නොදන්නා ජන බලය..

අතීසාරයට අමුඩ ගැසීමෙන් රෝගය සුව නොවන බව නොදන්නා ජන බලය..

Originallay From: https://vivaranalk.com/ චලනය ගතිකයක් වන ලෝකයේ අහඹු සිදුවීම් නැත. සමහර සිදුවීම් අපට අහඹුවක් සේ පෙනෙන්නේත් එසේ තේරුම් ගන්නේත් සමස්ත ක්‍රියාදාමය ගැන තේරුමක් නැති නිසා හෝ ඒ ගැන උනන්දු නොවන නිසාය. එවැනි සිදුවිම් පරික්ෂාවෙන් විමසා බලන්නේ නම් සෑම සිදුවිමක්ම නිසියම් ක්‍රියාදාමයක කොටසක් බව තේරුම් ගැනිම අපහසු නොවේ. විශේෂයෙන් වෙනස්වීම් වේගයෙන් සිදුවන තත්වයක් යටතේ සම්පූර්ණ ක්‍රියාදාමය තේරුම් ගැනිමට අපහසු වුවහොත් ක්‍රියාදාමය පාලනය කිරීමට හෝ වෙනස් කිරිමට නොහැකිය. අන් සියලු ක්‍රියාකාරකම්වලට වඩා මෙය දේශපාලනය සම්බන්ධයෙන් වැදගත් ය. දේශපාලන සිදුවිම් තේරුම් ගැනිමටත් එය සමාජයේ වැඩි දෙනාගේ යහපතට වෙනස් කිරිමටත් සම්පුර්ණ ක්‍රියාදාමය තේරුම් ගැනීම තිරණාත්මක ය. සිද්ධි දාමයක් වුවත් ඒ හැම දේම එකසේ වැදගත්…
Read More
හසරක් නැතිව වෙනසක් සොයා යන ගමනක්..

හසරක් නැතිව වෙනසක් සොයා යන ගමනක්..

Originally From: https://vivaranalk.com/ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව පත්විමත් සමග බරපතළ අර්බූද දෙකකට මුහුණ දීමට සිදු විය. ඒ සහල් සහ පොල් හිඟයයි. ඒ සමගම දිය ලුණු හිඟයක් ද මතු වු නමුත් වඩාත්ම කතා බහට ලක් වූයේ සහල් සහ පොල් හිඟයයි. සහල් හිගයක් වාර්තා වූයේ සාමාන්‍ය ජනතාව පරිභෝජනය කරන කැකුළු සහල් සහ නාඩු නමින් හඳුන්වන තැම්බූ සහල් සඳහාය. ඉහළ මධ්‍යම පංතිය වැඩියෙන්ම පරිභෝජනයට ගන්නා සම්බා හෝ කිරි සම්බා වල අඩුවක් වෙළඳ පොළ දක්නට නැත. එමනිසා ආර්ථිකයේ වෙනසක් අපේක්ෂාවෙන් ඡන්දය ප්‍රකාශ කළ ජනතාවගේ ආහාර වේල පිළිබඳ ප්‍රශ්නයක් වූ සහල් සහ පොල් හිඟයට වහාම විසඳුමක් සෙවීම නව අභියෝගවලට මුහුණ දීමට රජයට ඇති හැකියාව පරීක්ෂණයට…
Read More