විශේෂාංග

බටලන්දෙන් ඇවිළෙන ගිනිදැල් නිවෙන්නේ කෙසේද?

බටලන්දෙන් ඇවිළෙන ගිනිදැල් නිවෙන්නේ කෙසේද?

Originally From: https://vivaranalk.com අනූවේ දශකයේ ආරම්භයේ ඇවිලී ගිය බටලන්ද වධකාගාරය පිළිබඳ උණුසුම් සංවාද විවාද බටලන්ද පිළිබඳ කොමිසම් සභාවක් පත් කිරීමෙන් බොහෝ දුරට සමහන් විය. කොමිසම ඉදිරියේ දුන් සාක්ෂිවලට මහත් ප්‍රසිද්ධියක් ලැබුණ ද එහි වාර්තාව ගැන ප්‍රමාණවත් උනන්දුවක් දැක් වූයේ නැත. අනූ හතරේ දී චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපති වශයෙන් තේරී පත් වීමෙන් හා අනතුරුව පැවති මහා මැතිවරණයේ දී පොදුජන එක්සත් පෙරමුණු රජය බලයට පත්වීමෙන් පසුව බටලන්ද වධකාගාරය මෙන්ම තවත් ආන්දෝලනාත්මක ඝාතන රැසක් ගැන විමර්ශන කොමිසම් සභා පත් කෙරිණ. එවැනි කොමිසම් සභාවලින් විශේෂයෙන්ම සඳහන් කළ යුතු වන්නේ චන්ද්‍රිකා කුමාරතුංග ගේ සැමියා වූ විජය කුමාරතුංග ඝාතනය ගැන පත් කළ කොමිසම් සභාවයි. එහෙත් චන්ද්‍රිකා රජය…
Read More
දකුණු ආසියානු තේ කම්කරුවාගේ හෙට දවස..

දකුණු ආසියානු තේ කම්කරුවාගේ හෙට දවස..

Originally from: https://vivaranalk.com දකුණු ආසියාවේ මිලියන සංඛ්‍යාත වතු කම්කරුවන් අතරින්  තේ කම්කරුවන්ට ලැබෙනුයේ ප්‍රමුඛ ස්ථානයකි. ශ්‍රීලංකාව, ඉන්දියාව, බංගලාදේශය සහ නේපාලය  කලාපයේ   තේ නිපදවෙන ප්‍රධාන රටවල් හතර අතරින්  ලෝක වෙළඳ මධ්‍යස්ථාන වාර්තාවන්ට අනුව තේ අපනයන අතින්  තුන් වන තැන ලංකාවටත්, හත් වැනි තැන නේපාලයටත් හිමිය. ඉන්දියාවට 51 වැනි ස්ථානයේත්, බංගලාදේශය 133 ස්ථානයේත් පසුවේ. එහෙත්  මෙකී රටවල තේ  වතු කම්කරුවන්, විශේෂයෙන් ස්ත්‍රීන්ට  හා කම්කරු පන්තික පවුල්වලට බලපාන ජිවන කොන්දේසි පවතිනුයේ ඉතාමත් ශෝචනීය තත්වයකයි.  කම්කරු  අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් වලට ඔබ්බට ගොස් ඔවුන්ගේ     ආදිවාසී, දලිත් වාර්ගික සහ අනෙකුත් ආන්තික ජන  අයිතිවාසිකම් හා  සමාජ යුක්තිය කෙරෙහි ද   මෙම රටවල් හතර පුරාම ගැටළු පැන නැගී ඇත.…
Read More
අතීසාරයට අමුඩ ගැසීමෙන් රෝගය සුව නොවන බව නොදන්නා ජන බලය..

අතීසාරයට අමුඩ ගැසීමෙන් රෝගය සුව නොවන බව නොදන්නා ජන බලය..

Originallay From: https://vivaranalk.com/ චලනය ගතිකයක් වන ලෝකයේ අහඹු සිදුවීම් නැත. සමහර සිදුවීම් අපට අහඹුවක් සේ පෙනෙන්නේත් එසේ තේරුම් ගන්නේත් සමස්ත ක්‍රියාදාමය ගැන තේරුමක් නැති නිසා හෝ ඒ ගැන උනන්දු නොවන නිසාය. එවැනි සිදුවිම් පරික්ෂාවෙන් විමසා බලන්නේ නම් සෑම සිදුවිමක්ම නිසියම් ක්‍රියාදාමයක කොටසක් බව තේරුම් ගැනිම අපහසු නොවේ. විශේෂයෙන් වෙනස්වීම් වේගයෙන් සිදුවන තත්වයක් යටතේ සම්පූර්ණ ක්‍රියාදාමය තේරුම් ගැනිමට අපහසු වුවහොත් ක්‍රියාදාමය පාලනය කිරීමට හෝ වෙනස් කිරිමට නොහැකිය. අන් සියලු ක්‍රියාකාරකම්වලට වඩා මෙය දේශපාලනය සම්බන්ධයෙන් වැදගත් ය. දේශපාලන සිදුවිම් තේරුම් ගැනිමටත් එය සමාජයේ වැඩි දෙනාගේ යහපතට වෙනස් කිරිමටත් සම්පුර්ණ ක්‍රියාදාමය තේරුම් ගැනීම තිරණාත්මක ය. සිද්ධි දාමයක් වුවත් ඒ හැම දේම එකසේ වැදගත්…
Read More
ඇත්ත තිත්ත වීමට ඉස්සර,. වස කනවද? පලිබෝධ නාශක පාලනය කරනවද?

ඇත්ත තිත්ත වීමට ඉස්සර,. වස කනවද? පලිබෝධ නාශක පාලනය කරනවද?

Originally posted : https://vivaranalk.com ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ අවිධිමත්ව ස්ථාපිත කරන්නට උත්සාහ ගත් කාබනික වගා සංග්‍රාමය උපන්ගෙයිම මිය ගියේ ගොවියා කබලෙන් ලිපට වට්ටමින් හා ආණ්ඩුවට ගෙදර යන්නට එක් බලවත් හේතුවක්ද වෙමිනි. අදවනවිට, තමන්ම ගෙවත්තේ වවා ගතහොත් හෝ ඉහළ මිළක් ගෙවා සුපිරි වෙළඳසැළකින් මිළට ගතහොත් හෝ නොවන්නට කාබනික ආහාර පරිභෝජනයට අවස්ථාව අහිමි මෙරට ජනයාට වස යෙදූ බව දැන දැනම එළවලු ඇතුළු සෙසු ආහාර පරිභෝජනය කරන්නට සිදුව ඇත. ඊට හේතුව කාබනික ආහාර සුලබ නොවීම හා කාබනික වගාවට පමණක් යොමුවීම දුෂ්කර වීමයි. එසේම උඩරට හා පහතරට එළවළු වර්ග බොහෝමයක් කෘෂි රසායනික නොයොදා වගා කළ නොහැකි බව ගොවීන්ගේ අත්දැකීමයි. ලංකාවේ කෘෂිකර්මාන්තයේ ස්වභාවය අනුව සම්පූර්ණයෙන්ම…
Read More
නෙතන්යාහු අත් අඩංගුවට ගැනීමේ නියෝගය තවත් පුස් වෙඩිල්ලක්?

නෙතන්යාහු අත් අඩංගුවට ගැනීමේ නියෝගය තවත් පුස් වෙඩිල්ලක්?

Originally From: https://vivaranalk.com/ පසුගිය සතියේ අන්තර්ජාතික අපරාධ අධිකරණය ඊශ්‍රායෙල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ ඔහුගේ ආරක්ෂක ඇමතිව සිටි යෝව් ගැලන්ට් අත් අඩංගුවට ගැනීමට නියෝගයක් නිකුත් කෙළේය. යුද උපක්‍රමයක් වශයෙන් ජනතාව සාගින්නේ තැබීම, මිනිස් ඝාතන, වධ හිංසා පැමිණවීම සහ වෙනත් අමානුෂික ක්‍රියා තුළින් මානව වර්ගයාට එරෙහි අපරාධ සිදු කිරීම යන චෝදනා ඊශ්‍රායෙලයට එරෙහිව ඉදිරිපත්ව තිබිණ. එම චෝදනා සලකා බැලූ අභිචෝදක කරීම් ඛාන් ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත්ව ඇති නිසා නඩු විභාගයට පූර්වයෙන් ඔවුන් අත් අඩංගුවට ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙස  අධිකරණයෙන් ඉල්ලීමක් කෙළේ පසුගිය මැයි මාසයේ දිය. සාමාන්‍යයෙන් මෙවැනි ඉල්ලිමක් පිළිබඳව මාස දෙකක් ඇතුළත නියෝගයක් නිකුත් කරන නමුත් මෙම නියෝගය නිකුත් කිරීමට මාස හයකට…
Read More
ජාතීන් අසමත් වෙන්නේ ඇයි?

ජාතීන් අසමත් වෙන්නේ ඇයි?

By Jaya Pathmapani on November 24, 2024 සැකෙවින් කියවමු ජාතීන් අසමත් වෙන්නේ  ඇයි?  – බලය, සෞභාග්‍ය සහ දරිද්‍රතාවේ සම්භවය.– ඩැරොන් අසෙමොග්ලු සහ ජේම්ස් ඒ. රොබින්සන්  Why Nations Fail, The Origins of Power, Prosperity and Poverty by Daron Acemoglu & James . A. Robinson ආචාර්ය ඩැරොන් අසෙමොග්ලු ඇමෙරිකා එක්සත් ජනපදයේ චිරප‍්‍රසිද්ධ  ඵම් අයි ටී (MIT) ආයතනයේ ආර්ථික විද්‍යාව පිළිබඳ කිලින්ග් ආසනය හොබවන මහාචාර්යවරයායි.  ආචාර්ය ජේම්ස් ඒ රොබින්සන් සුප්‍රකට හාවඩ් විශ්ව විද්‍යාලයේ ආණ්ඩු කිරීම විෂය පිළිබඳ ඩේවිඩ් ෆ්ලොරන්ස් ආසනය හොබවන මහාචාර්යවරයායි. ඔවුන් දෙපොළ විසින් ලියූ Why Nations Fail, The Origins of Power, Prosperity and Poverty (ජාතීන් අසමත් වෙන්නේ  ඇයි?  –  බලය, සෞභාග්‍ය සහ දරිද්‍රතාවේ සම්භවය) නමැති ඉමහත් අවධානයක් දිනා ගත් මේ පොත මුල් වරට පළ වෙන්නේ…
Read More
රටේ අනාගතය තීරණය වන දේශපාලන හැරවුම් ලක්ෂ්‍යය කොතැන ද?

රටේ අනාගතය තීරණය වන දේශපාලන හැරවුම් ලක්ෂ්‍යය කොතැන ද?

Originally From: https://vivaranalk.com/ දේශපාලනයේ පළපුරුදු නායකයන් සහ ඔවුන්ගේ අනුගාමිකයන් ගේ අනාවැකි බොරු කරමින් ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තු මැතිවරණයෙන් සෑම අතින්ම විශිෂ්ට ජයග්‍රහනයක් ලබා ගත හැකි විය. ජනාධිපතිවරණයේ දී ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් සියයට පනහ ඉක්මවා ඡන්ද ලබා ගැනීමට නොහැකිවීම නිසා අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සරදමට ලක් කළ අනුර කුමාර ගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගයට ඡන්ද හැටනම ලක්ෂයට ආසන්න ප්‍රමාණයක් ලබා ගත හැකි වූ අතර එය ප්‍රතිශතයක් වශයෙන් සියයට 61.5% කි. එම ඡන්ද ප්‍රමාණය ඔහුට ජනාධිපතිවරණයේ දී සියයට පනහ ලබා ගැනීමට නොහැකිවීම ඕනෑවටත් වඩා ඉක්මවා යෑමකි. වැදගත්ම කාරනය වන්නේ දිවයිනේ දිස්ත්‍රික්ක 22 න් 21කම ජයග්‍රහණය හිමි කර ගැනීමට ජාතික ජන බලවේගය…
Read More
නොනවතින විප්ලවයේ න්‍යාය සිහිනයක්ද? (දෙවන කොටස)

නොනවතින විප්ලවයේ න්‍යාය සිහිනයක්ද? (දෙවන කොටස)

“අවිනිශ්චිත දීර්ඝ කාලයක් තුළ හා අනවරතයෙන් ඇතිවන්නා වූ අරගල මගින් සියලු සමාජ සම්බන්ධතාවයන් පරිවර්තනය වේ. සමාජය දිගින් දිගටම එහි හැව ඉවත දමයි.“(ට්‍රොට්ස්කි – නොනවතින විප්ලවය). 1917 අප්‍රේල් මාසය වනතුරු ලෙනින් මීට වඩා වෙනස් මතයක් දැරුවේය. රුසියාවේ ජාතික ධනේශ්වරයට රුසියානු ධනේශ්වර විප්ලවයේ කර්තව්‍යයන් ඉටු කරගැනීමට නොහැකි බැව් ලෙනින්ද පිළිගත්තේය. එහෙත් එළඹෙන විප්ලවයේ නායකත්වය දරනු ලබන්නේ කෙබඳු සමාජ බලවේගයක් හෝ බලවේගයන් ද යන ප්‍රශ්නය පිළිබඳ ලෙනින් ට්‍රොට්ස්කිට වඩා වෙනස් මතයක් දැරීය. ලෙනින් ගේ මතය අනුව එළඹෙන විප්ලවය ධනේශ්වර විප්ලවයක් වූ අතර එහි නායකත්වය සමාජ ප්‍රජාතන්ත්‍රවාදය (එනම් කම්කරු පන්තියේ දේශපාලන සංවිධානය) හා ගොවිජන පක්ෂයත් අතර ඇතිවන සභාගයක් විසින් දරනු ඇත. මෙයින් අදහස් වූයේ…
Read More
නොනවතින විප්ලවයේ න්‍යාය සිහිනයක්ද?

නොනවතින විප්ලවයේ න්‍යාය සිහිනයක්ද?

මේ වන විට ශ්‍රී ලංකාවේ ජනතාව අතර විවාදයට තුඩුදී ඇති ප්‍ර‍ශ්නයක් වනුයේ වසර 75 ක් පුරා පරාධීන දේශපාලන හා සමාජ-ආර්ථික පිළිවෙතක් අනුගමනය කළ හා කරන සෑම සියළු දේශපාලන ප්‍ර‍වනතාවයකටම අයත් ශ්‍රී ලංකාවේ පාලක පංති ප්‍ර‍භූන් විසින් මෙතෙක් පවත්වාගෙන ගොස් ඇති මර්දනකාරී හා දූෂිත පාලන තන්ත්‍ර‍ය පෙරළා දැමීම කුමන බලවේගයක් සිදු කරන්නේද, එසේ පෙරළා දැමීමට හැකි වන්නේ නම්, ඉන් පසු කෙබඳු දේශපාලන – ආර්ථික ක්‍ර‍මයක් බිහිවන්නේද යන්නත්ය. එහෙත් එළඹීමට නියමිත මහ මැතිවරණයකින් එබඳු වෙනසක් ඇතිවේයයි සිතීම සම්පූර්ණයෙන්ම මනෝමූල අදහසකි. මෙම තත්ත්වය තුළ ජනතාවට සහන සැලසෙන සැබෑ ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී වෙනසක් ඇති කිරීම සඳහා ජනතාව බලමුළු ගැන්විය හැක්කේ කෙසේද යන්න පිළිබඳ සාකච්ඡාවකට අත්වැලක් වශයෙන්…
Read More
ස්ටාලින්වාදී පිළිවෙත්වලින් නොමිදෙන තාක් කල්, යළි වමේ ව්‍යාපාරයක් ගොඩනැගීම සිහිනයක්ම පමණක් වන්නේය!

ස්ටාලින්වාදී පිළිවෙත්වලින් නොමිදෙන තාක් කල්, යළි වමේ ව්‍යාපාරයක් ගොඩනැගීම සිහිනයක්ම පමණක් වන්නේය!

බොල්ෂෙවික් වාදය මාක්ස්වාදයේ ඉහළම ඓතිහාසික ප්‍රකාශනය විය.‍ බොල්ෂෙවික් වාදයේ ධජය යටතේ කම්කරු පන්තිය සිය පළමු ජයග්‍රහණය 1917 දී සාක්ෂාත් කර ගන්නා ලද අතර පළමුවන කම්කරු රාජ්‍යය ද රුසියාවේ පිහිටුවන ලදී. 1917 බොල්ෂෙවික් විප්ලවය සිදුවන අවධියේ රුසියාව පසුගාමී ඌන සංවර්ධිත රටක් විය. කම්කරු පන්තියට අමතරව සෝවියට් දේශය තුළ කෝටියක් ගොවීන් ද,විවිධ ජාතීන් ද, පීඩනය, අන්ත දුගීබව සහ අනවබෝධය උරුම කරගෙන ජීවත් වූහ. විප්ලවය දියුණු කාර්මික රටවලට පැතිර යාමට අපොහොසත් වීම, නව කම්කරු රාජ්‍යයේ වර්ධනය කෙරෙහි පමණක් නොව, විසි වන සියවසේ මුළු ඉතිහාසය කෙරෙහි බෙහෙවින් බලපෑවේය. 1917 විප්ලවයෙන් ජනිත වූ මේ තරුණ කම්කරු රාජ්‍ය නොදියුණු වූත්, ඌන සංවර්ධිත වූත් රටක් වූවා පමණක්…
Read More