ආර්ථික

ඇත්ත තිත්ත වීමට ඉස්සර,. වස කනවද? පලිබෝධ නාශක පාලනය කරනවද?

ඇත්ත තිත්ත වීමට ඉස්සර,. වස කනවද? පලිබෝධ නාශක පාලනය කරනවද?

Originally posted : https://vivaranalk.com ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ අවිධිමත්ව ස්ථාපිත කරන්නට උත්සාහ ගත් කාබනික වගා සංග්‍රාමය උපන්ගෙයිම මිය ගියේ ගොවියා කබලෙන් ලිපට වට්ටමින් හා ආණ්ඩුවට ගෙදර යන්නට එක් බලවත් හේතුවක්ද වෙමිනි. අදවනවිට, තමන්ම ගෙවත්තේ වවා ගතහොත් හෝ ඉහළ මිළක් ගෙවා සුපිරි වෙළඳසැළකින් මිළට ගතහොත් හෝ නොවන්නට කාබනික ආහාර පරිභෝජනයට අවස්ථාව අහිමි මෙරට ජනයාට වස යෙදූ බව දැන දැනම එළවලු ඇතුළු සෙසු ආහාර පරිභෝජනය කරන්නට සිදුව ඇත. ඊට හේතුව කාබනික ආහාර සුලබ නොවීම හා කාබනික වගාවට පමණක් යොමුවීම දුෂ්කර වීමයි. එසේම උඩරට හා පහතරට එළවළු වර්ග බොහෝමයක් කෘෂි රසායනික නොයොදා වගා කළ නොහැකි බව ගොවීන්ගේ අත්දැකීමයි. ලංකාවේ කෘෂිකර්මාන්තයේ ස්වභාවය අනුව සම්පූර්ණයෙන්ම…
Read More
ආර්ථික චින්තනයේ සීමා…

ආර්ථික චින්තනයේ සීමා…

May 23, 2024 නේවා ගුඩ්වින් ප්‍රමුඛ අර්ථශාස්ත්‍රඥයන් විසින් ලියූ Microeconomics in Context කෘතියේ නවතම සංස්කරණය ආරම්භ වන්නේ ආර්ථික විද්‍යාව යනු මිනිසුන් සිය අවශ්‍යතා සපුරා ගැනීම සහ තම යහපැවැත්ම (well-being) වැඩිදියුණු කර ගැනීම සඳහා තමන් සතු සම්පත් කළමනාකරණය කර ගන්නා ආකාරය අධ්‍යනය කිරීමයි” යනුවෙනි.[1] මෙහි දැක්වෙන ‘යහපැවැත්ම’ යන්න විවිධ පුද්ගලයන් විවිධාකාරයට තේරුම් ගනු ඇත. එහෙත් තමන් කල්පනා කරන ආකාරයට එවැනි අර්ථ දැක්වීමක් හැම දෙනෙකුට ම ආදේශ කළ හැකි දෙයක් විය යුතු බව ගුඩ්වින් පවසයි. අපේ යහපැවැත්ම සාමාන්‍යයෙන් රැඳී ඇත්තේ අප ලබන ආදායම සහ අපේ ජීවන මට්ටම ප්‍රදර්ශනය වන ද්‍රව්‍යයමය වස්තුවල අගය පිළිබඳ සාම්ප්‍රදායික දර්ශක මත යි. එහෙත් අප ජීවත් වන පරිසරයේ…
Read More
ශ්‍රී ලංකාව සඳහා වන ලෝක බැංකුවේ සංවර්ධන උගුල..

ශ්‍රී ලංකාව සඳහා වන ලෝක බැංකුවේ සංවර්ධන උගුල..

Originally From: https://vivaranalk.com/ බටහිර සංස්ථාපිතයට ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් හිර කිරීමට සහ ගෝලීය ප්‍රාග්ධනයේ අවශ්‍යතා සඳහා ඔවුන්ගේ ආර්ථික ගමන් මඟ සැකසීමට බොහෝ ක්‍රම තිබේ. මූල්‍යකරණය කළ වාණිජ ණය ගැනීම් සහ පටිතද කිරීමේ පියවර මගින් ශ්‍රී ලංකාව උගුලට හසුකර ගැනීමේ  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ ) භූමිකාව ගැන මම පුළුල් ලෙස ලියා ඇත්තෙමි. මෙම තීරුවේ, මම වොෂින්ටනයේ අනෙක් බලගතු නිවුන් ආයතනය, ලෝක බැංකුව, සහ ශ්‍රී ලංකාව තුළ එහි ආර්ථික ප්‍රතිපත්ති සම්පාදන භූමිකාව ආමන්ත්‍රණය කරමි. සති දෙකකට පෙර නිකුත් කරන ලද ලෝක බැංකුවේ 2024 ඔක්තෝම්බර් ‘ ශ්‍රී ලංකා සංවර්ධන යාවත්කාලීනය’, අනාගත ප්‍රතිපත්ති සඳහා නියමයන් සහිත පෙර වසරේ ආර්ථික තත්ත්වය පිළිබඳ…
Read More
කිරි ගස පාමුල කිරට වැහුණු කඳුළු…

කිරි ගස පාමුල කිරට වැහුණු කඳුළු…

කිරි ගස පාමුල කිරට වැහුණු කඳුළුලාංකීය රබර් වතු කම්කරුවාගේ දෙසිය වසක දුඛ්‍ය සත්‍යය. “සමසමාජය“පත්‍රයේ 1938 දී මෙරට ප්‍රථම රබර් වතු කම්කරු අරගලය වාර්තා කර තිබුණේ “ලක් ඉතිහාසයේ වතු කම්කරුවන්ගේ ප්‍රථම ස්ට්‍රයිකය“ලෙසයි. එය 1938 ජුලි 13 වැනිදා ආරම්භ කර දින කීපයක් තුල ජයග්‍රාහිව අවසන් කළ සටනක් යනුවෙන් වාර්තා විය. එතැන් පටන් 86 වසක්ම තම මුලික අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළ රබර් වතු කම්කරුවාගේ එදා කඳුළු වල වටිනාකමට වඩා අද කඳුලට වටිනාකමක් ලැබී තිබේ ද යටත් විජිත පාලකයන් විසින් පළමුවකෝපි වගාවටත්, දෙවනුව තේ වගාවටත්, පසුව රබර් වගාවටත්දකුණු ඉන්දියාවේ සිට මෙරටට කම්කරුවන් රැගෙන විත් දැන් සිය වස් දෙකක් ඉක්ම ගොස් අවසන්ය. තේ වතු කම්කරුවන්…
Read More