17
Feb
Originally from: https://www.facebook.com/wijayananda.jayaweera හැකි ඉක්මණින් පළාත් පාලන මැතිවරණ පැවැත්වීම සඳහා විධිවිධාන යෙදීමට ආණ්ඩුව තීරණය කර තිබේ. එය හොඳය. "ආණ්ඩුව අපේ වුණාට රජය තවමත් අපේ නොවේ" යැයි මැසිවිලි කියන මැති ඇමතිවරුන් දැන් කල්පනා කළ යුත්තේ මධ්‍යගත රජයේ මුරණ්ඩු බලපරාක්‍රමය දමනය කිරීම සඳහා වැඩිදියුණු කළ පළාත් පාලන ආයතන ක්‍රමයක් මගින් ඒ බලය විමධ්‍යගත කොට බලයේ වගවීම මහජනතාවට සෘජුව අභිමුඛ කිරීමයි. සෘජු ප්‍රජාතන්ත්‍රවාදය දියත් කිරීමට පළාත් පාළන ආයතන වලට ඇති විභවය වැඩිය. දැනටම්ත් ඇතැම් රටවල පළාත් පාලන ආයතනවල අයවැය සාකච්ඡා කිරීම මහජන සංවිචාරණයකින් සිදුවේ. ඒ නිසා පරණ චිරාගත භුමිකාව ඉක්මවා ගොස් පළාත් පාලන ආයතන සක්‍රිය ප්‍රජාතන්ත්‍රවාදයේ සහ ප්‍රාදේශිය සංවර්ධනයේ මර්මස්ථාන බවට පත් කිරීමට…