02
Jun
විජයානන්ද ජයවීර පාසැල් විෂය මාලාව සංශෝධනය කරන බවට ඉඟි පහළ වී ඇතත් පාසැල් විෂය මාලාව සංශෝධනය කළ යුත්තේ ඇයි සහ සංශෝධනය විය යුතු වන්නේ මොනවාද යන්න පිළිබඳ සමාජ කතිකාවක් ඇති තිරීමට අධ්‍යාපන බලධාරීන් තවමත් පියවර ගෙන ඇති බවක් නො පෙනේ. ඒ එසේ වුව ද හුදෙක් ඉගෙන ගැනීම පමණක් නො ව හරියට සිතන්නේ කෙසේද යන්නත් දැන ඉගෙන ගැනීමේ ඉඩ කඩ අපේ පාසැල් වල විෂය මාලාවට ඇතුලත් විය යුතු යැයි අධ්‍යාපනඥයින්ට යෝජනා කිරීමට මම කැමැත්තෙමි. ඒ අනුව දැනුම් න්‍යාය (Theory of Knowledge) මූලික විෂයක් ලෙස පාසැල් වලට හඳුන්වා දීම විචක්ෂණශීලී, කල්පනාකාරී, වගකිවයුතු සහ සබුද්ධියෙන් මෙහෙයවිය හැකි අනාගත පරපුරක් බිහිකිරීම සඳහා කරන වැදගත්…