15
Feb
Originallay From: https://vivaranalk.com/ චලනය ගතිකයක් වන ලෝකයේ අහඹු සිදුවීම් නැත. සමහර සිදුවීම් අපට අහඹුවක් සේ පෙනෙන්නේත් එසේ තේරුම් ගන්නේත් සමස්ත ක්‍රියාදාමය ගැන තේරුමක් නැති නිසා හෝ ඒ ගැන උනන්දු නොවන නිසාය. එවැනි සිදුවිම් පරික්ෂාවෙන් විමසා බලන්නේ නම් සෑම සිදුවිමක්ම නිසියම් ක්‍රියාදාමයක කොටසක් බව තේරුම් ගැනිම අපහසු නොවේ. විශේෂයෙන් වෙනස්වීම් වේගයෙන් සිදුවන තත්වයක් යටතේ සම්පූර්ණ ක්‍රියාදාමය තේරුම් ගැනිමට අපහසු වුවහොත් ක්‍රියාදාමය පාලනය කිරීමට හෝ වෙනස් කිරිමට නොහැකිය. අන් සියලු ක්‍රියාකාරකම්වලට වඩා මෙය දේශපාලනය සම්බන්ධයෙන් වැදගත් ය. දේශපාලන සිදුවිම් තේරුම් ගැනිමටත් එය සමාජයේ වැඩි දෙනාගේ යහපතට වෙනස් කිරිමටත් සම්පුර්ණ ක්‍රියාදාමය තේරුම් ගැනීම තිරණාත්මක ය. සිද්ධි දාමයක් වුවත් ඒ හැම දේම එකසේ වැදගත්…