සිංහල

බටලන්දෙන් ඇවිළෙන ගිනිදැල් නිවෙන්නේ කෙසේද?

බටලන්දෙන් ඇවිළෙන ගිනිදැල් නිවෙන්නේ කෙසේද?

Originally From: https://vivaranalk.com අනූවේ දශකයේ ආරම්භයේ ඇවිලී ගිය බටලන්ද වධකාගාරය පිළිබඳ උණුසුම් සංවාද විවාද බටලන්ද පිළිබඳ කොමිසම් සභාවක් පත් කිරීමෙන් බොහෝ දුරට සමහන් විය. කොමිසම ඉදිරියේ දුන් සාක්ෂිවලට මහත් ප්‍රසිද්ධියක් ලැබුණ ද එහි වාර්තාව ගැන ප්‍රමාණවත් උනන්දුවක් දැක් වූයේ නැත. අනූ හතරේ දී චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපති වශයෙන් තේරී පත් වීමෙන් හා අනතුරුව පැවති මහා මැතිවරණයේ දී පොදුජන එක්සත් පෙරමුණු රජය බලයට පත්වීමෙන් පසුව බටලන්ද වධකාගාරය මෙන්ම තවත් ආන්දෝලනාත්මක ඝාතන රැසක් ගැන විමර්ශන කොමිසම් සභා පත් කෙරිණ. එවැනි කොමිසම් සභාවලින් විශේෂයෙන්ම සඳහන් කළ යුතු වන්නේ චන්ද්‍රිකා කුමාරතුංග ගේ සැමියා වූ විජය කුමාරතුංග ඝාතනය ගැන පත් කළ කොමිසම් සභාවයි. එහෙත් චන්ද්‍රිකා රජය…
Read More
දකුණු ආසියානු තේ කම්කරුවාගේ හෙට දවස..

දකුණු ආසියානු තේ කම්කරුවාගේ හෙට දවස..

Originally from: https://vivaranalk.com දකුණු ආසියාවේ මිලියන සංඛ්‍යාත වතු කම්කරුවන් අතරින්  තේ කම්කරුවන්ට ලැබෙනුයේ ප්‍රමුඛ ස්ථානයකි. ශ්‍රීලංකාව, ඉන්දියාව, බංගලාදේශය සහ නේපාලය  කලාපයේ   තේ නිපදවෙන ප්‍රධාන රටවල් හතර අතරින්  ලෝක වෙළඳ මධ්‍යස්ථාන වාර්තාවන්ට අනුව තේ අපනයන අතින්  තුන් වන තැන ලංකාවටත්, හත් වැනි තැන නේපාලයටත් හිමිය. ඉන්දියාවට 51 වැනි ස්ථානයේත්, බංගලාදේශය 133 ස්ථානයේත් පසුවේ. එහෙත්  මෙකී රටවල තේ  වතු කම්කරුවන්, විශේෂයෙන් ස්ත්‍රීන්ට  හා කම්කරු පන්තික පවුල්වලට බලපාන ජිවන කොන්දේසි පවතිනුයේ ඉතාමත් ශෝචනීය තත්වයකයි.  කම්කරු  අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් වලට ඔබ්බට ගොස් ඔවුන්ගේ     ආදිවාසී, දලිත් වාර්ගික සහ අනෙකුත් ආන්තික ජන  අයිතිවාසිකම් හා  සමාජ යුක්තිය කෙරෙහි ද   මෙම රටවල් හතර පුරාම ගැටළු පැන නැගී ඇත.…
Read More
මධ්‍යගත රජයේ මුරණ්ඩු බලපරාක්‍රමය දමනය කිරීම සඳහා…

මධ්‍යගත රජයේ මුරණ්ඩු බලපරාක්‍රමය දමනය කිරීම සඳහා…

Originally from: https://www.facebook.com/wijayananda.jayaweera හැකි ඉක්මණින් පළාත් පාලන මැතිවරණ පැවැත්වීම සඳහා විධිවිධාන යෙදීමට ආණ්ඩුව තීරණය කර තිබේ. එය හොඳය. "ආණ්ඩුව අපේ වුණාට රජය තවමත් අපේ නොවේ" යැයි මැසිවිලි කියන මැති ඇමතිවරුන් දැන් කල්පනා කළ යුත්තේ මධ්‍යගත රජයේ මුරණ්ඩු බලපරාක්‍රමය දමනය කිරීම සඳහා වැඩිදියුණු කළ පළාත් පාලන ආයතන ක්‍රමයක් මගින් ඒ බලය විමධ්‍යගත කොට බලයේ වගවීම මහජනතාවට සෘජුව අභිමුඛ කිරීමයි. සෘජු ප්‍රජාතන්ත්‍රවාදය දියත් කිරීමට පළාත් පාළන ආයතන වලට ඇති විභවය වැඩිය. දැනටම්ත් ඇතැම් රටවල පළාත් පාලන ආයතනවල අයවැය සාකච්ඡා කිරීම මහජන සංවිචාරණයකින් සිදුවේ. ඒ නිසා පරණ චිරාගත භුමිකාව ඉක්මවා ගොස් පළාත් පාලන ආයතන සක්‍රිය ප්‍රජාතන්ත්‍රවාදයේ සහ ප්‍රාදේශිය සංවර්ධනයේ මර්මස්ථාන බවට පත් කිරීමට…
Read More
කොත්මලේ ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඇගලුම් කර්මාන්ත ශාලා සේවක සේවිකාවන් වැඩ වර්ජනය කරමින් උද්ඝෝෂණයක…

කොත්මලේ ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඇගලුම් කර්මාන්ත ශාලා සේවක සේවිකාවන් වැඩ වර්ජනය කරමින් උද්ඝෝෂණයක…

කොත්මලේ ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් රු පන්දහසක වැටුප් වැඩිවිමක් ඉල්ලා දින පහක් තිස්සේ එම කර්මාන්ත ශාලාව ඉදිරිපිට වැඩ වර්ජනය කරමින් උද්ඝෝෂණයක නිරත වෙමින් සිටියි. සේවක සේවිකාවන් 1080 දෙනෙකු පමණ සේවය කරන එම ඇගළුම් කර්මාන්ත ශාලාව වසර 25 ක් තිස්සේ පවත්වාගෙන යන බවත්, රටේ පවතින ජිවන වියදම අනුව රු පන්දහසක වැටුප් වැඩිවිමක් ලබාදෙන ලෙස සේවක සේවිකාවන් පාලන අධිකාරියෙන් ඉල්ලා සිටියද, පාලන අධිකාරියෙන් රු දෙදහසක් පමණක් වැඩි කරන බවට පොරොන්දු වු බවයි උද්ඝෝෂණයේ නිරතව සිටින සේවක සේවිකාවන් කියා සිටියේ. රු දෙදහසකට වඩා වැඩි වැටුපක් ලබාදෙන්නේ නම් දැනට සේවක සේවිකාවන්ට ලබාදෙන සුභ සාධන කප්පාදු කිරිමට සිදු වන බව පාලන…
Read More
ඇත්ත තිත්ත වීමට ඉස්සර,. වස කනවද? පලිබෝධ නාශක පාලනය කරනවද?

ඇත්ත තිත්ත වීමට ඉස්සර,. වස කනවද? පලිබෝධ නාශක පාලනය කරනවද?

Originally posted : https://vivaranalk.com ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ අවිධිමත්ව ස්ථාපිත කරන්නට උත්සාහ ගත් කාබනික වගා සංග්‍රාමය උපන්ගෙයිම මිය ගියේ ගොවියා කබලෙන් ලිපට වට්ටමින් හා ආණ්ඩුවට ගෙදර යන්නට එක් බලවත් හේතුවක්ද වෙමිනි. අදවනවිට, තමන්ම ගෙවත්තේ වවා ගතහොත් හෝ ඉහළ මිළක් ගෙවා සුපිරි වෙළඳසැළකින් මිළට ගතහොත් හෝ නොවන්නට කාබනික ආහාර පරිභෝජනයට අවස්ථාව අහිමි මෙරට ජනයාට වස යෙදූ බව දැන දැනම එළවලු ඇතුළු සෙසු ආහාර පරිභෝජනය කරන්නට සිදුව ඇත. ඊට හේතුව කාබනික ආහාර සුලබ නොවීම හා කාබනික වගාවට පමණක් යොමුවීම දුෂ්කර වීමයි. එසේම උඩරට හා පහතරට එළවළු වර්ග බොහෝමයක් කෘෂි රසායනික නොයොදා වගා කළ නොහැකි බව ගොවීන්ගේ අත්දැකීමයි. ලංකාවේ කෘෂිකර්මාන්තයේ ස්වභාවය අනුව සම්පූර්ණයෙන්ම…
Read More
නව පාලනයේ අභියෝගය ප්‍රතිකාර කිරීමට පෙර ලෙඩේ හඳුනා ගැනීමයි..

නව පාලනයේ අභියෝගය ප්‍රතිකාර කිරීමට පෙර ලෙඩේ හඳුනා ගැනීමයි..

Originally From: https://vivaranalk.com/ ජාතික ජන බලවේගය ආණ්ඩු බලය දිනා ගැනීමෙන් පසුව ඉදිරි වසරේ දී නැතිනම් ඉදිරි පස් වසර තුළ නිම කිරීමට බලාපොරොත්තු වන වැඩ සටහන ජනාධිපති අනුර කුමාර දිසානායක සුපුරුදු වාග් චාතූර්ය විදහා දකවමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙළේය. ඔහු තමා කියන දේ මැනැවින් ග්‍රහණය කර ගෙන ඇති බව පෙනුනේ සටහන් කිසිවක ආධාරයක් නැතිව වෙන් කර තිබු ආකාරයට නියමිත කාල සීමාව තුළ කතාව අවසන් කිරීමෙනි. ආර්ථික අර්බූදය, දේශයේ සම්පත් කොල්ල කෑ පාලකයන්ට විරුද්ධව ගන්නා නිතිමය පියවර සහ ජනතාවට වගකියන පාලන ක්‍රමයක් ස්ථාපිත කිරීමේ අධිෂ්ඨානය වැනි කරුණු වැදගත් ය. කාලෝචිතය. රට මුහුණ දී ඇති ආර්ථික ගැටලුවලට කඩිනම් මෙන්ම තිරසාර විසඳුම් අවශ්‍ය බවට කිසිදු…
Read More
ජාතීන් අසමත් වෙන්නේ ඇයි?

ජාතීන් අසමත් වෙන්නේ ඇයි?

By Jaya Pathmapani on November 24, 2024 සැකෙවින් කියවමු ජාතීන් අසමත් වෙන්නේ  ඇයි?  – බලය, සෞභාග්‍ය සහ දරිද්‍රතාවේ සම්භවය.– ඩැරොන් අසෙමොග්ලු සහ ජේම්ස් ඒ. රොබින්සන්  Why Nations Fail, The Origins of Power, Prosperity and Poverty by Daron Acemoglu & James . A. Robinson ආචාර්ය ඩැරොන් අසෙමොග්ලු ඇමෙරිකා එක්සත් ජනපදයේ චිරප‍්‍රසිද්ධ  ඵම් අයි ටී (MIT) ආයතනයේ ආර්ථික විද්‍යාව පිළිබඳ කිලින්ග් ආසනය හොබවන මහාචාර්යවරයායි.  ආචාර්ය ජේම්ස් ඒ රොබින්සන් සුප්‍රකට හාවඩ් විශ්ව විද්‍යාලයේ ආණ්ඩු කිරීම විෂය පිළිබඳ ඩේවිඩ් ෆ්ලොරන්ස් ආසනය හොබවන මහාචාර්යවරයායි. ඔවුන් දෙපොළ විසින් ලියූ Why Nations Fail, The Origins of Power, Prosperity and Poverty (ජාතීන් අසමත් වෙන්නේ  ඇයි?  –  බලය, සෞභාග්‍ය සහ දරිද්‍රතාවේ සම්භවය) නමැති ඉමහත් අවධානයක් දිනා ගත් මේ පොත මුල් වරට පළ වෙන්නේ…
Read More
ලෝක වැඩකරන ජනතාවට මෙම මැතිවරණ උගුලෙන් එළියට පැමිණිමට මාවතක් අවශ්‍යය වි ඇත – ශ්‍රි ලංකාව (2024 නොවැම්බර් 14) ආසියා කොමියුනයේ නිල ප්‍රකාශය.

ලෝක වැඩකරන ජනතාවට මෙම මැතිවරණ උගුලෙන් එළියට පැමිණිමට මාවතක් අවශ්‍යය වි ඇත – ශ්‍රි ලංකාව (2024 නොවැම්බර් 14) ආසියා කොමියුනයේ නිල ප්‍රකාශය.

Originally From: https://asiacommune.org/2024/11/13/ 2024 සැප්තැම්බර් 21 වන දින පැවැත්වූ ජනාධිපතිවරණය ගැන ආසියා කොමියුනයේ මතය asiacommune.org වෙබ් අඩවියේ පල කරන ලදි. එම ප්‍රකාශනයේ ද්විත්ව මැතිවරණ ප්‍රතිඵලයක් ගැන කතා කරන ලදි. උපුටා ගැනිම asiacommune.org 2024/09/20 දින “2024 සැප්තැම්බර් 21 වන දින මැතිවරණයෙන් පසුව ඡන්ද ප්‍රතිඵල දෙකක් පිටවීමට නියමිතව ඇත“  ජනතාව, ජනතාව විසින්ම සිදු කරනු ලබන වෙනසේ ප්‍රතිඵලය වාම මුහුණුවරින් පෙනී සිටින ව්‍යාජ වාම කණ්ඩායම් සහ පක්ෂ වල දේශපාලනයේ අවසානය දැනුම්දෙන ප්‍රතිඵලය ආසියා කොමියුනය ප්‍රකාශ කල පරිදි එම ප්‍රතිඵල දෙකම නිකුත් විය. දශක ගනණාවක් ධනවාදයෙන් බැට කෑ ජනතාව ඡන්දයෙන් කල හැකි දෑ සිදු කලේය. වසර 76 ක් තමන්ව පාලනය කල සියළුම දූශිත පවුල්…
Read More
නොනවතින විප්ලවයේ න්‍යාය සිහිනයක්ද? (දෙවන කොටස)

නොනවතින විප්ලවයේ න්‍යාය සිහිනයක්ද? (දෙවන කොටස)

“අවිනිශ්චිත දීර්ඝ කාලයක් තුළ හා අනවරතයෙන් ඇතිවන්නා වූ අරගල මගින් සියලු සමාජ සම්බන්ධතාවයන් පරිවර්තනය වේ. සමාජය දිගින් දිගටම එහි හැව ඉවත දමයි.“(ට්‍රොට්ස්කි – නොනවතින විප්ලවය). 1917 අප්‍රේල් මාසය වනතුරු ලෙනින් මීට වඩා වෙනස් මතයක් දැරුවේය. රුසියාවේ ජාතික ධනේශ්වරයට රුසියානු ධනේශ්වර විප්ලවයේ කර්තව්‍යයන් ඉටු කරගැනීමට නොහැකි බැව් ලෙනින්ද පිළිගත්තේය. එහෙත් එළඹෙන විප්ලවයේ නායකත්වය දරනු ලබන්නේ කෙබඳු සමාජ බලවේගයක් හෝ බලවේගයන් ද යන ප්‍රශ්නය පිළිබඳ ලෙනින් ට්‍රොට්ස්කිට වඩා වෙනස් මතයක් දැරීය. ලෙනින් ගේ මතය අනුව එළඹෙන විප්ලවය ධනේශ්වර විප්ලවයක් වූ අතර එහි නායකත්වය සමාජ ප්‍රජාතන්ත්‍රවාදය (එනම් කම්කරු පන්තියේ දේශපාලන සංවිධානය) හා ගොවිජන පක්ෂයත් අතර ඇතිවන සභාගයක් විසින් දරනු ඇත. මෙයින් අදහස් වූයේ…
Read More
නොනවතින විප්ලවයේ න්‍යාය සිහිනයක්ද?

නොනවතින විප්ලවයේ න්‍යාය සිහිනයක්ද?

මේ වන විට ශ්‍රී ලංකාවේ ජනතාව අතර විවාදයට තුඩුදී ඇති ප්‍ර‍ශ්නයක් වනුයේ වසර 75 ක් පුරා පරාධීන දේශපාලන හා සමාජ-ආර්ථික පිළිවෙතක් අනුගමනය කළ හා කරන සෑම සියළු දේශපාලන ප්‍ර‍වනතාවයකටම අයත් ශ්‍රී ලංකාවේ පාලක පංති ප්‍ර‍භූන් විසින් මෙතෙක් පවත්වාගෙන ගොස් ඇති මර්දනකාරී හා දූෂිත පාලන තන්ත්‍ර‍ය පෙරළා දැමීම කුමන බලවේගයක් සිදු කරන්නේද, එසේ පෙරළා දැමීමට හැකි වන්නේ නම්, ඉන් පසු කෙබඳු දේශපාලන – ආර්ථික ක්‍ර‍මයක් බිහිවන්නේද යන්නත්ය. එහෙත් එළඹීමට නියමිත මහ මැතිවරණයකින් එබඳු වෙනසක් ඇතිවේයයි සිතීම සම්පූර්ණයෙන්ම මනෝමූල අදහසකි. මෙම තත්ත්වය තුළ ජනතාවට සහන සැලසෙන සැබෑ ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී වෙනසක් ඇති කිරීම සඳහා ජනතාව බලමුළු ගැන්විය හැක්කේ කෙසේද යන්න පිළිබඳ සාකච්ඡාවකට අත්වැලක් වශයෙන්…
Read More