දේශපාලන

කම්කරු කොමියුන මත පදනම්වූ නව ජනතා ව්‍යාපාරයක් සඳහා එක්වෙමු!

කම්කරු කොමියුන මත පදනම්වූ නව ජනතා ව්‍යාපාරයක් සඳහා එක්වෙමු!

සමස්තයක් වශයෙන්, සංවිධිත ශ්‍රමය එනම් වෘත්තීය සමිති ලොව පුරා කම්කරුවන්ගේ අයිතිවාසිකම් සහ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටීමේ වැදගත් බලවේගයක් ලෙස දිගටම පවතී. කෙසේ වෙතත්, කම්කරු ව්‍යාපාරය සඳහා උදාවී ඇති නව අවස්ථා සහ නව අභියෝග යන දෙකටම මුහුණ දෙමින්, ආර්ථික, සමාජීය සහ තාක්ෂණික ප්‍රවණතාවල  වෙනස්වීම්වලට ප්‍රතිචාර වශයෙන් ශ්‍රම සංවිධානයේ භූ දර්ශනයද විකාශනය වේ. විවිධ රටවල් සහ විවිධ කර්මාන්ත හරහා කම්කරුවන් අතර සම්බන්ධීකරණය සහ සහයෝගීතාව ගොඩනැගීමේ උත්සාහයන් තුලින් (ස්වයංක්‍රීය කම්කරු හා ජනතා කොමියුන ගොඩනැඟීම මඟින්) කම්කරු අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම්වලට විසඳුම් සෙවීමට සහ ලොව පුරා සාධාරණ සේවා කොන්දේසි ප්‍රවර්ධනය කිරීමට හැකි ජාතික, කලාපීය සහ ජාත්‍යන්තර ව්‍යාපාරයක් ගොඩනැඟීම වඩාත් වැදගත් වී ඇත. එමගින් ලෝක කම්කරු…
Read More
දෙමළ ජනතාවගේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (- SDPT- පත්මනාභ EPRLF) විසින්  වර්ෂ 2024 පැවති සම්මේලනයේ සම්මත කරන ලද ප්‍රකාශයන්ගේ සාරාංශමය පරිවර්තනය: 

දෙමළ ජනතාවගේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (- SDPT- පත්මනාභ EPRLF) විසින්  වර්ෂ 2024 පැවති සම්මේලනයේ සම්මත කරන ලද ප්‍රකාශයන්ගේ සාරාංශමය පරිවර්තනය: 

May 21, 2024 1. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් හා නිසි ලෙස ක්‍රියාත්මක කිරීම. මුස්ලිම් සහ උඩරට දෙමළ ජනතාව සඳහා සුදුසු බලය බෙදීමේ විධිවිධාන සැලසීම. 2. ආණ්ඩුව විසින් පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ කල් දැමීම  ප්‍රජාතන්ත්‍ර විරෝධී වන අතර ජනතාවගේ මූලික අයිතිවාසිකම් ප්‍රතික්ෂේප කිරීමකි. මෙම ආයතන සඳහා කඩිනමින් මැතිවරණයක් පවත්වන ලෙස අපි ඉල්ලා සිටිමු. අනාගතයේදී මෙවැනි තත්ත්වයන් නැවත සිදුවීම වැළැක්වීම සහතික කෙරෙන සුදුසු ව්‍යවස්ථාමය වෙනසක් කිරීමට පියවර ගන්නා ලෙස අපි ආණ්ඩුවට ආයාචනය කරමු. 3. පළාත් සභා ක්‍රමය, අර්ථවත් ලෙස පළාත්වලට බලය බෙදීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව විධිමත් මැතිවරණ පැවැත්වීම සහතික කිරීම ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් ශක්තිමත් කිරීම සඳහා…
Read More
‘ආර්ථික මිනිසා’ – මිථ්‍යාව හා යථාර්ථය

‘ආර්ථික මිනිසා’ – මිථ්‍යාව හා යථාර්ථය

Originally from: https://jayavoice.com/ (සංවිචාරණීය සමාජයක් කෘතියෙන්) පුද්ගල බද්ධ ආර්ථික අභිලාෂ වසයෙන් අප හඳුනා ගන්නා බොහෝ දේවල සැබෑ අරමුණ වන්නේ හුදෙක් ධනය හා සම්පත් අත්පත් කර ගැනීමේ සෘජු අවශ්‍යතාවකට වඩා ගෞරවය සහ තත්වය දිනා ගැනීමේ මූලික කොන්දේසියක් ලෙස ධනවත්කම යොදා ගැනීමයි.  නූතන ආර්ථික විද්‍යා න්‍යාය හා සුවිශේෂ වසයෙන් නවලිබරල්වාදී ආර්ථික චින්තනය බිහි වී ඇත්තේ ම ‘මනුෂ්‍යයා වනාහි උපයෝගීතාව උපරිම කර ගැනීම සඳහා හෙවත් තමන්ගේ ද්‍රව්‍යයමය උන්නතිය සලසා ගැනීම පිණිස ස්වාර්ථය ම සලකා සබුද්ධික තීරණවලට එළඹෙන ආත්මාර්ථකාමී සත්ව විශේෂයකි’ යන පදනම මත යි.[1] ඒ අනුව නම් දේශපාලනය යනු එකී උපයෝගිතාව උපරිමකරණය කර ගැනීමේ චර්යාව යි. මනුෂ්‍යයන් ආවේණික ව ම ආත්මාර්ථකාමීය යන ආකල්පය…
Read More
ආසියානු කොමියුනය: ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය පිළිබඳ නිල ප්‍රකාශනය.

ආසියානු කොමියුනය: ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය පිළිබඳ නිල ප්‍රකාශනය.

වර්ෂ 2024 ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය නිල ප්‍රකාශනය. 2024 සැප්තැම්බර් 21 වන දින මැතිවරණයෙන් පසුව ඡන්ද ප්‍රතිඵල දෙකක් පිටවීමට නියමිතව ඇත. ආසියා කොමියුනය ASIACOMMUNE.ORG වර්ෂ 2024 සැප්තැම්බර් 21 වන දින ශ්‍රි ලාංකිකයන්ට තීරණාත්මක දිනයකි.  එම දිනය අසල්වාසි දකුණු ආසියාතිකයන්ටද එලෙසම වැදගත් වනු ඇත. මක් නිසාද යත්  ශ්‍රි  ලංකාවේ ජනතාව මෙම මැතිවරණයේදී තමන්ගේ බලය පෙන්විමට තිරණය කර ඇත. ශ්‍රි ලාංකිය ජනී ජනයාට දැනුම් තේරුම් ඇති ප්‍රමාණයට එම වෙනස සිදු විමට නියමිතව ඇත.   එකී වෙනස සිදු කිරිමට ජීවමානව සටන් කරන ජනතාව සමග ආසියා කොමියුනය එක පෙලට සිට ගනිමු. යම් හෙයකින් ජනතාව ප්‍රාර්ථනා කරන්නාවූ වෙනස ඇති වුව හොත් හෝ ඇති නොවු ව හොත්…
Read More
2024 ජනාධිපතිවරණය සහ පීඩිත ජනතාවට ඇති ඉදිරි මාවත!

2024 ජනාධිපතිවරණය සහ පීඩිත ජනතාවට ඇති ඉදිරි මාවත!

By Wilfred Silva අද ශ්‍රී ලංකාවේ ජනතාව අතර විවාදයට ලක්වී ඇති ප්‍රශ්නය වනුයේ, එළඹෙන ජනාධිපතිවරණයේදී කුමන පියවරක් ගත යුතු ද යන්නයි. වසර හැත්තෑ පහක් පුරා පරාධීන දේශපාලන හා සමාජ ආර්ථික පිළිවෙතක් අනුගමනය කළ දකුණ සහ වම යන සෑම සියලු දේශපාලන ප්‍රවණතාවයකට ම අයත් ශ්‍රී ලංකාවේ පාලක පන්ති ප්‍රභූන් විසින් මෙතෙක් පවත්වා ගෙන ගොස් ඇති මර්දනකාරී හා දූෂිත පාලන තන්ත්‍ර‍ය පෙරළා දැමීම කුමන බලවේගයක් සිදු කරන්නේද? එසේ පෙරළා දැමීමට හැකි වන්නේ නම් ඉන්පසු කෙබඳු දේශපාලන ආර්ථික ක්‍රමයක් බිහි වන්නේ ද යන්නත් අද අප හමුවේ ඇති ප්‍රධාන ගැටලුව වන්නේ ය.‍ එහෙත් පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයෙන් එබඳු වෙනසක් ඇති වේ යැයි සිතීම සම්පූර්ණයෙන්ම මනෝමූල…
Read More