Blog

දෙමළ ජනතාවගේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (- SDPT- පත්මනාභ EPRLF) විසින්  වර්ෂ 2024 පැවති සම්මේලනයේ සම්මත කරන ලද ප්‍රකාශයන්ගේ සාරාංශමය පරිවර්තනය: 

දෙමළ ජනතාවගේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (- SDPT- පත්මනාභ EPRLF) විසින්  වර්ෂ 2024 පැවති සම්මේලනයේ සම්මත කරන ලද ප්‍රකාශයන්ගේ සාරාංශමය පරිවර්තනය: 

May 21, 2024 1. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් හා නිසි ලෙස ක්‍රියාත්මක කිරීම. මුස්ලිම් සහ උඩරට දෙමළ ජනතාව සඳහා සුදුසු බලය බෙදීමේ විධිවිධාන සැලසීම. 2. ආණ්ඩුව විසින් පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ කල් දැමීම  ප්‍රජාතන්ත්‍ර විරෝධී වන අතර ජනතාවගේ මූලික අයිතිවාසිකම් ප්‍රතික්ෂේප කිරීමකි. මෙම ආයතන සඳහා කඩිනමින් මැතිවරණයක් පවත්වන ලෙස අපි ඉල්ලා සිටිමු. අනාගතයේදී මෙවැනි තත්ත්වයන් නැවත සිදුවීම වැළැක්වීම සහතික කෙරෙන සුදුසු ව්‍යවස්ථාමය වෙනසක් කිරීමට පියවර ගන්නා ලෙස අපි ආණ්ඩුවට ආයාචනය කරමු. 3. පළාත් සභා ක්‍රමය, අර්ථවත් ලෙස පළාත්වලට බලය බෙදීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව විධිමත් මැතිවරණ පැවැත්වීම සහතික කිරීම ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් ශක්තිමත් කිරීම සඳහා…
Read More
මැයි දිනය, මැයි දිනය: ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය අනතුරේ!

මැයි දිනය, මැයි දිනය: ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය අනතුරේ!

වෘත්තීය සමිති ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ සහ යළි ගොඩනැගීමේ කේන්ද්‍රස්ථානය විය යුතුය. මේ වසරේ, ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් බොහොමයක් මැතිවරණ සඳහා සහභාගී වීමට අවස්ථාව ලැබෙන බවට සිහින දකිමින් සිටිනවා විය හැක. එය ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ඓතිහාසික වසරක් වනු ඇතැයි බොහෝ දෙනෙකු සිතනවාද වියහැක. එහෙත් අපි ගෝලීය ප්‍රජාතන්ත්‍රවාදයේ සෞඛ්‍යය දෙස සමීපව බැලුවහොත් – විශේෂයෙන් ප්‍රජාතන්ත්‍රවාදී වෘත්තීය සමිති අයිතිවාසිකම් බිඳ වැටෙමින් ඇති ආකාරය දෙස බැලුවොත්– ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය දැඩි සත්කාර ඒකකයේ තිබෙන බව පෙනීයනු ඇත. වෘත්තීය සමිති ප්‍රජාතන්ත්‍රවාදයේ කේන්ද්‍රය වේ: එකක් නොමැතිව අනෙක තිබිය නොහැක. ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් මත ගොඩනැගුණු දීර්ඝ ඉතිහාසයක් ඇති ලොව විශාලතම සමාජ ව්‍යාපාරය ලෙස ගෝලීය වෘත්තීය සමිති ව්‍යාපාරය, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට සහ යළි ගොඩනැගීමට…
Read More
ආර්ථික චින්තනයේ සීමා…

ආර්ථික චින්තනයේ සීමා…

May 23, 2024 නේවා ගුඩ්වින් ප්‍රමුඛ අර්ථශාස්ත්‍රඥයන් විසින් ලියූ Microeconomics in Context කෘතියේ නවතම සංස්කරණය ආරම්භ වන්නේ ආර්ථික විද්‍යාව යනු මිනිසුන් සිය අවශ්‍යතා සපුරා ගැනීම සහ තම යහපැවැත්ම (well-being) වැඩිදියුණු කර ගැනීම සඳහා තමන් සතු සම්පත් කළමනාකරණය කර ගන්නා ආකාරය අධ්‍යනය කිරීමයි” යනුවෙනි.[1] මෙහි දැක්වෙන ‘යහපැවැත්ම’ යන්න විවිධ පුද්ගලයන් විවිධාකාරයට තේරුම් ගනු ඇත. එහෙත් තමන් කල්පනා කරන ආකාරයට එවැනි අර්ථ දැක්වීමක් හැම දෙනෙකුට ම ආදේශ කළ හැකි දෙයක් විය යුතු බව ගුඩ්වින් පවසයි. අපේ යහපැවැත්ම සාමාන්‍යයෙන් රැඳී ඇත්තේ අප ලබන ආදායම සහ අපේ ජීවන මට්ටම ප්‍රදර්ශනය වන ද්‍රව්‍යයමය වස්තුවල අගය පිළිබඳ සාම්ප්‍රදායික දර්ශක මත යි. එහෙත් අප ජීවත් වන පරිසරයේ…
Read More
‘ආර්ථික මිනිසා’ – මිථ්‍යාව හා යථාර්ථය

‘ආර්ථික මිනිසා’ – මිථ්‍යාව හා යථාර්ථය

Originally from: https://jayavoice.com/ (සංවිචාරණීය සමාජයක් කෘතියෙන්) පුද්ගල බද්ධ ආර්ථික අභිලාෂ වසයෙන් අප හඳුනා ගන්නා බොහෝ දේවල සැබෑ අරමුණ වන්නේ හුදෙක් ධනය හා සම්පත් අත්පත් කර ගැනීමේ සෘජු අවශ්‍යතාවකට වඩා ගෞරවය සහ තත්වය දිනා ගැනීමේ මූලික කොන්දේසියක් ලෙස ධනවත්කම යොදා ගැනීමයි.  නූතන ආර්ථික විද්‍යා න්‍යාය හා සුවිශේෂ වසයෙන් නවලිබරල්වාදී ආර්ථික චින්තනය බිහි වී ඇත්තේ ම ‘මනුෂ්‍යයා වනාහි උපයෝගීතාව උපරිම කර ගැනීම සඳහා හෙවත් තමන්ගේ ද්‍රව්‍යයමය උන්නතිය සලසා ගැනීම පිණිස ස්වාර්ථය ම සලකා සබුද්ධික තීරණවලට එළඹෙන ආත්මාර්ථකාමී සත්ව විශේෂයකි’ යන පදනම මත යි.[1] ඒ අනුව නම් දේශපාලනය යනු එකී උපයෝගිතාව උපරිමකරණය කර ගැනීමේ චර්යාව යි. මනුෂ්‍යයන් ආවේණික ව ම ආත්මාර්ථකාමීය යන ආකල්පය…
Read More
සමාජ පෙරළිය හිසරදයට කොට්ට මාරු කිරීමක් නොවිය යුතුය..

සමාජ පෙරළිය හිසරදයට කොට්ට මාරු කිරීමක් නොවිය යුතුය..

0riginally From: https://vivaranalk.com/ Mahinda Hattaka වෙනත් රටවල මෙන්ම අපේ රටේ ද දේශපාලකයන් බලය ලබා ගැනීමට විවිධාකාරයේ (බොරු) පොරොන්දු ලබා දීම සුලබ කාරණයකි. විශේෂයෙන්ම මැතිවරණ සමයේ පොරොන්දු ලබා දෙන්නේ ඉටු කිරීමේ අදහසින් නොව ජනතාව කෙසේ හෝ මුළා කොට බලය ලබා ගැනීමේ පරම චේතනාවෙනි. පොරොන්දු ලබා දීමත් ඉටු කිරීමත් අතර ඇති පරතරය නිසාම සමහර දේශපාලකයෝ පොරොන්දු දේශපාලනය නොකරන බවද පැවසූහ. එවිට මතුවන ප්‍රශ්නය මොවුන් බලය ඉල්ලන්නේ කුමක් සඳහා ද යන්නයි. ජනතාවගේ අන්සතු කළ නොහැකියැයි කියන පරමාධිපති බලය ලබා ගන්නේ නම් ඒ කුමක් සඳහාද යන්න පැහැදිලි කළ යුතුය. අවසාන වශයෙන් බලය ලබා ගන්නා දේශපාලතයා පොරොන්දු කිසිත් ඉටු නොකර තමන්ට රිසි දෙයක් කළත් පරමාධිපති…
Read More
ශ්‍රී ලංකාව සඳහා වන ලෝක බැංකුවේ සංවර්ධන උගුල..

ශ්‍රී ලංකාව සඳහා වන ලෝක බැංකුවේ සංවර්ධන උගුල..

Originally From: https://vivaranalk.com/ බටහිර සංස්ථාපිතයට ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් හිර කිරීමට සහ ගෝලීය ප්‍රාග්ධනයේ අවශ්‍යතා සඳහා ඔවුන්ගේ ආර්ථික ගමන් මඟ සැකසීමට බොහෝ ක්‍රම තිබේ. මූල්‍යකරණය කළ වාණිජ ණය ගැනීම් සහ පටිතද කිරීමේ පියවර මගින් ශ්‍රී ලංකාව උගුලට හසුකර ගැනීමේ  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ ) භූමිකාව ගැන මම පුළුල් ලෙස ලියා ඇත්තෙමි. මෙම තීරුවේ, මම වොෂින්ටනයේ අනෙක් බලගතු නිවුන් ආයතනය, ලෝක බැංකුව, සහ ශ්‍රී ලංකාව තුළ එහි ආර්ථික ප්‍රතිපත්ති සම්පාදන භූමිකාව ආමන්ත්‍රණය කරමි. සති දෙකකට පෙර නිකුත් කරන ලද ලෝක බැංකුවේ 2024 ඔක්තෝම්බර් ‘ ශ්‍රී ලංකා සංවර්ධන යාවත්කාලීනය’, අනාගත ප්‍රතිපත්ති සඳහා නියමයන් සහිත පෙර වසරේ ආර්ථික තත්ත්වය පිළිබඳ…
Read More
රවි සෙනවිරත්න අත්අඩංඟුවට ගන්නා ලෙස ඉල්ලීම, පාර රාජ්‍ය ප්‍රති ප්‍රහාරයක් ?

රවි සෙනවිරත්න අත්අඩංඟුවට ගන්නා ලෙස ඉල්ලීම, පාර රාජ්‍ය ප්‍රති ප්‍රහාරයක් ?

By Sunanda Deshapriya (October 16, 2024) Originally published on : https://vivaranalk.com දූෂණ සහ භීෂණකාරී ක්‍රියා පිළිබද නව ආණ්ඩුව යටතේ ආරම්භ වී ඇති පරීක්ෂණ අඩාල කිරීම පිනිස පාර රාජ්‍යයේ  සහ දේශපාලන බලවේග අතර සන්ධානයක් ඇතිව තිබෙන බවට දේශපාලන අංශ සැක කරයි. ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති බවට පත් වීමෙන් පසු ආරම්භ කරන ලද  පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධ පරීක්ෂණය කරගෙන යෑම කඩාකප්පල් කිරීමට ජාතික ජන බලවේගයට විරුද්ධ දේශපාලන බලවේග එක්සත් ප්‍රහාරයක් දියත් කරමින් සිටින බව දේශපාලන අංශ විශ්වාස කරති. මෙම ප්‍රහාරයේ ඉලක්කය වී ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්ථමෙන්තුවේ හිටපු ප්‍රධානීන් දෙදෙනා වන හිටපු නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න සහ ජ්‍යෙෂ්ඨ…
Read More
ආසියානු කොමියුනය: ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය පිළිබඳ නිල ප්‍රකාශනය.

ආසියානු කොමියුනය: ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය පිළිබඳ නිල ප්‍රකාශනය.

වර්ෂ 2024 ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය නිල ප්‍රකාශනය. 2024 සැප්තැම්බර් 21 වන දින මැතිවරණයෙන් පසුව ඡන්ද ප්‍රතිඵල දෙකක් පිටවීමට නියමිතව ඇත. ආසියා කොමියුනය ASIACOMMUNE.ORG වර්ෂ 2024 සැප්තැම්බර් 21 වන දින ශ්‍රි ලාංකිකයන්ට තීරණාත්මක දිනයකි.  එම දිනය අසල්වාසි දකුණු ආසියාතිකයන්ටද එලෙසම වැදගත් වනු ඇත. මක් නිසාද යත්  ශ්‍රි  ලංකාවේ ජනතාව මෙම මැතිවරණයේදී තමන්ගේ බලය පෙන්විමට තිරණය කර ඇත. ශ්‍රි ලාංකිය ජනී ජනයාට දැනුම් තේරුම් ඇති ප්‍රමාණයට එම වෙනස සිදු විමට නියමිතව ඇත.   එකී වෙනස සිදු කිරිමට ජීවමානව සටන් කරන ජනතාව සමග ආසියා කොමියුනය එක පෙලට සිට ගනිමු. යම් හෙයකින් ජනතාව ප්‍රාර්ථනා කරන්නාවූ වෙනස ඇති වුව හොත් හෝ ඇති නොවු ව හොත්…
Read More
2024 ජනාධිපතිවරණය සහ පීඩිත ජනතාවට ඇති ඉදිරි මාවත!

2024 ජනාධිපතිවරණය සහ පීඩිත ජනතාවට ඇති ඉදිරි මාවත!

By Wilfred Silva අද ශ්‍රී ලංකාවේ ජනතාව අතර විවාදයට ලක්වී ඇති ප්‍රශ්නය වනුයේ, එළඹෙන ජනාධිපතිවරණයේදී කුමන පියවරක් ගත යුතු ද යන්නයි. වසර හැත්තෑ පහක් පුරා පරාධීන දේශපාලන හා සමාජ ආර්ථික පිළිවෙතක් අනුගමනය කළ දකුණ සහ වම යන සෑම සියලු දේශපාලන ප්‍රවණතාවයකට ම අයත් ශ්‍රී ලංකාවේ පාලක පන්ති ප්‍රභූන් විසින් මෙතෙක් පවත්වා ගෙන ගොස් ඇති මර්දනකාරී හා දූෂිත පාලන තන්ත්‍ර‍ය පෙරළා දැමීම කුමන බලවේගයක් සිදු කරන්නේද? එසේ පෙරළා දැමීමට හැකි වන්නේ නම් ඉන්පසු කෙබඳු දේශපාලන ආර්ථික ක්‍රමයක් බිහි වන්නේ ද යන්නත් අද අප හමුවේ ඇති ප්‍රධාන ගැටලුව වන්නේ ය.‍ එහෙත් පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයෙන් එබඳු වෙනසක් ඇති වේ යැයි සිතීම සම්පූර්ණයෙන්ම මනෝමූල…
Read More
කිරි ගස පාමුල කිරට වැහුණු කඳුළු…

කිරි ගස පාමුල කිරට වැහුණු කඳුළු…

කිරි ගස පාමුල කිරට වැහුණු කඳුළුලාංකීය රබර් වතු කම්කරුවාගේ දෙසිය වසක දුඛ්‍ය සත්‍යය. “සමසමාජය“පත්‍රයේ 1938 දී මෙරට ප්‍රථම රබර් වතු කම්කරු අරගලය වාර්තා කර තිබුණේ “ලක් ඉතිහාසයේ වතු කම්කරුවන්ගේ ප්‍රථම ස්ට්‍රයිකය“ලෙසයි. එය 1938 ජුලි 13 වැනිදා ආරම්භ කර දින කීපයක් තුල ජයග්‍රාහිව අවසන් කළ සටනක් යනුවෙන් වාර්තා විය. එතැන් පටන් 86 වසක්ම තම මුලික අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළ රබර් වතු කම්කරුවාගේ එදා කඳුළු වල වටිනාකමට වඩා අද කඳුලට වටිනාකමක් ලැබී තිබේ ද යටත් විජිත පාලකයන් විසින් පළමුවකෝපි වගාවටත්, දෙවනුව තේ වගාවටත්, පසුව රබර් වගාවටත්දකුණු ඉන්දියාවේ සිට මෙරටට කම්කරුවන් රැගෙන විත් දැන් සිය වස් දෙකක් ඉක්ම ගොස් අවසන්ය. තේ වතු කම්කරුවන්…
Read More