විශේෂාංග

ගෝලීය ෆැසිස්ට්වාදයේ යුගයේ ගෝලීය ‘වම’ යනු කුමක්ද?

ගෝලීය ෆැසිස්ට්වාදයේ යුගයේ ගෝලීය ‘වම’ යනු කුමක්ද?

මේ දිනවල සෑම උදෑසනකම අප අවදිවනුයේ, ඊශ්‍රායලය දිගින් දිගටම කරන ඝාතනයන් පිළිබද ඔවුන්  ප්‍රීතියෙන් නිවේදනය කරන පුවත්වලටත්, කියුබාව පිළිබඳ අඛණ්ඩ ප්‍රවෘත්ති වලටත් සවන් දීමටය. එක්සත් ජනපදය අනෙකුත් ජාතීන්ට ඔවුන්ගේ සම්බාධකවලට සම්බන්ධ වීමට බල කිරීම නිසා සහ විදුලිය ඇනහිටීම් වලින් කියුබාව පීඩා විඳිති. පාසල් වසා දමා ඇත. රෝහල්වලට මිනිසුන් ගැන සැලකිලිමත් විය නොහැක. ලොවපුරා පීඩිත ජනතාව  අත්‍යාවශ්‍ය සේවා නොමැතිව පීඩා විදිති. අපි “වම“ ගැන හෝ “වම වශයෙන්“ අදහස් කරන්නේ කුමක්ද සහ ඒවායේ දුර්වලතා සහ ප්‍රතිවිරෝධතා පිළිබඳ අපගේ සංවාදය තුළ, අද ලෝකයේ සිදුවෙමින් පවතින සංසිද්ධීන් විග්‍ර‍ කරගත යුතුව ඇත. මෙම උදාහරණ හරියටම අපි විවේචනාත්මකව පරීක්ෂා කළ හොත් එක්සත් ජනපද න්‍යාය පත්‍රය පිළිබඳ…
Read More
නව ගෝලීය පද්ධතියක් ගොඩනැගීම සඳහා …

නව ගෝලීය පද්ධතියක් ගොඩනැගීම සඳහා …

අපට අවශ්‍ය වන්නේ සාධාරණ හා පරිවර්තනීය වෙනසක් සඳහාවූත්, දැනුවත්වූත් පීඩිත ජනතාවගේ පෙළ ගැසිමකි! එහි මූලික පියවර වනුයේ මහජන කොමියුන ගොඩනැගීමයි. ආර්ථික වශයෙන් පාරිසරික බිඳවැටීම, වැඩිවන දරිද්‍රතාවය, පුලුල්ව පැතිරුනු කුසගින්න සහ ගැඹුරු වන අසමානතාවයන්, ඉඩම් සහ ජනතාව සූරාකෑමේ නව ආකෘති සහ ඉහළ යන මර්දනය සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් වැනි එකිනෙකට බැඳී ඇති අර්බුදවල උග්‍රවීමෙන් බේරීමට බිලියන සංඛ්‍යාත ජනතාවක් යන්තම් එදිනෙදා ජීවිතය ගැටගසා ගන්නාවූ තීරණාත්මක සන්ධිස්ථානයක අපි සිටිමු. අපි ජීවත් වන්නේ අයුක්තිය සහ අසාධාරණ ලෙස සූරාකෑම සාමාන්‍යකරණය කළ, අක්‍රිය පද්ධතියකින් පවත්වා ගෙන යන සහ යටත් විජිත අතීතයක සිට පැවත එන පීඩාකාරී පදනම් මත ගොඩනගා ඇති ලෝකයක ය. ගෝලීය දකුණ කිසිදා නිම…
Read More
මැයි දින ප්‍රකාශය 2025 – ලොව පුරා කම්කරු අයිතීන් රැකීමට පෙළ ගැසෙමු!

මැයි දින ප්‍රකාශය 2025 – ලොව පුරා කම්කරු අයිතීන් රැකීමට පෙළ ගැසෙමු!

මෙම ජාත්‍යන්තර කම්කරු දිනයේදී, අපි ලොව පුරා කම්කරුවන්ගේ අරගල සහ ජයග්‍රහණ සමරමු. ඔවුහු සාධාරණ වැටුප්, ආරක්ෂිත වැඩ පරිසර සහ කම්කරු ගෞරවය සඳහා නිරන්තරයෙන් සටන් කරමින් සිටිති. මැයි දිනය යනු හුදෙක් අතීත ජයග්‍රහණ සැමරීම පමණක් නොව, ලොව පුරා වැඩ කරන ස්ථානවල පවතින බෙදුම්වාදය, අසාධාරණකම සහ පීඩනයට එරෙහිව සිදුවන නිරන්තර සටනට ඇති කැඳවීමකි.  2025 වර්ෂයේදී, කම්කරුවෝ නව අභියෝග රාශියකට —ස්වයංක්‍රීයකරණය, අස්ථාවර ගිග් ආර්ථික රැකියා, වැටුප් කප්පාදුව, සහ ශ්‍ර‍මිකයන්ගේ සංක්‍ර‍මණික අයිතීන් අවහිර කිරීම් වැනි ගැටලුවලට මුහුණ දෙති. බොහෝ රටවල, රජයන් හා සමාගම් සාමූහික ගිවිසුම්, වැඩ ස්ථාන ආරක්ෂාව සහ සමාජ ආරක්ෂණ වැඩසටහන් දුර්වල කරමින් සිටී. එසේම, මිලියන ගණනක් තවමත් මූලික අයිතීන් හෝ ආරක්ෂාව නොමැතිව…
Read More
බටලන්දෙන් ඇවිළෙන ගිනිදැල් නිවෙන්නේ කෙසේද?

බටලන්දෙන් ඇවිළෙන ගිනිදැල් නිවෙන්නේ කෙසේද?

Originally From: https://vivaranalk.com අනූවේ දශකයේ ආරම්භයේ ඇවිලී ගිය බටලන්ද වධකාගාරය පිළිබඳ උණුසුම් සංවාද විවාද බටලන්ද පිළිබඳ කොමිසම් සභාවක් පත් කිරීමෙන් බොහෝ දුරට සමහන් විය. කොමිසම ඉදිරියේ දුන් සාක්ෂිවලට මහත් ප්‍රසිද්ධියක් ලැබුණ ද එහි වාර්තාව ගැන ප්‍රමාණවත් උනන්දුවක් දැක් වූයේ නැත. අනූ හතරේ දී චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපති වශයෙන් තේරී පත් වීමෙන් හා අනතුරුව පැවති මහා මැතිවරණයේ දී පොදුජන එක්සත් පෙරමුණු රජය බලයට පත්වීමෙන් පසුව බටලන්ද වධකාගාරය මෙන්ම තවත් ආන්දෝලනාත්මක ඝාතන රැසක් ගැන විමර්ශන කොමිසම් සභා පත් කෙරිණ. එවැනි කොමිසම් සභාවලින් විශේෂයෙන්ම සඳහන් කළ යුතු වන්නේ චන්ද්‍රිකා කුමාරතුංග ගේ සැමියා වූ විජය කුමාරතුංග ඝාතනය ගැන පත් කළ කොමිසම් සභාවයි. එහෙත් චන්ද්‍රිකා රජය…
Read More
දකුණු ආසියානු තේ කම්කරුවාගේ හෙට දවස..

දකුණු ආසියානු තේ කම්කරුවාගේ හෙට දවස..

Originally from: https://vivaranalk.com දකුණු ආසියාවේ මිලියන සංඛ්‍යාත වතු කම්කරුවන් අතරින්  තේ කම්කරුවන්ට ලැබෙනුයේ ප්‍රමුඛ ස්ථානයකි. ශ්‍රීලංකාව, ඉන්දියාව, බංගලාදේශය සහ නේපාලය  කලාපයේ   තේ නිපදවෙන ප්‍රධාන රටවල් හතර අතරින්  ලෝක වෙළඳ මධ්‍යස්ථාන වාර්තාවන්ට අනුව තේ අපනයන අතින්  තුන් වන තැන ලංකාවටත්, හත් වැනි තැන නේපාලයටත් හිමිය. ඉන්දියාවට 51 වැනි ස්ථානයේත්, බංගලාදේශය 133 ස්ථානයේත් පසුවේ. එහෙත්  මෙකී රටවල තේ  වතු කම්කරුවන්, විශේෂයෙන් ස්ත්‍රීන්ට  හා කම්කරු පන්තික පවුල්වලට බලපාන ජිවන කොන්දේසි පවතිනුයේ ඉතාමත් ශෝචනීය තත්වයකයි.  කම්කරු  අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් වලට ඔබ්බට ගොස් ඔවුන්ගේ     ආදිවාසී, දලිත් වාර්ගික සහ අනෙකුත් ආන්තික ජන  අයිතිවාසිකම් හා  සමාජ යුක්තිය කෙරෙහි ද   මෙම රටවල් හතර පුරාම ගැටළු පැන නැගී ඇත.…
Read More
අතීසාරයට අමුඩ ගැසීමෙන් රෝගය සුව නොවන බව නොදන්නා ජන බලය..

අතීසාරයට අමුඩ ගැසීමෙන් රෝගය සුව නොවන බව නොදන්නා ජන බලය..

Originallay From: https://vivaranalk.com/ චලනය ගතිකයක් වන ලෝකයේ අහඹු සිදුවීම් නැත. සමහර සිදුවීම් අපට අහඹුවක් සේ පෙනෙන්නේත් එසේ තේරුම් ගන්නේත් සමස්ත ක්‍රියාදාමය ගැන තේරුමක් නැති නිසා හෝ ඒ ගැන උනන්දු නොවන නිසාය. එවැනි සිදුවිම් පරික්ෂාවෙන් විමසා බලන්නේ නම් සෑම සිදුවිමක්ම නිසියම් ක්‍රියාදාමයක කොටසක් බව තේරුම් ගැනිම අපහසු නොවේ. විශේෂයෙන් වෙනස්වීම් වේගයෙන් සිදුවන තත්වයක් යටතේ සම්පූර්ණ ක්‍රියාදාමය තේරුම් ගැනිමට අපහසු වුවහොත් ක්‍රියාදාමය පාලනය කිරීමට හෝ වෙනස් කිරිමට නොහැකිය. අන් සියලු ක්‍රියාකාරකම්වලට වඩා මෙය දේශපාලනය සම්බන්ධයෙන් වැදගත් ය. දේශපාලන සිදුවිම් තේරුම් ගැනිමටත් එය සමාජයේ වැඩි දෙනාගේ යහපතට වෙනස් කිරිමටත් සම්පුර්ණ ක්‍රියාදාමය තේරුම් ගැනීම තිරණාත්මක ය. සිද්ධි දාමයක් වුවත් ඒ හැම දේම එකසේ වැදගත්…
Read More
ඇත්ත තිත්ත වීමට ඉස්සර,. වස කනවද? පලිබෝධ නාශක පාලනය කරනවද?

ඇත්ත තිත්ත වීමට ඉස්සර,. වස කනවද? පලිබෝධ නාශක පාලනය කරනවද?

Originally posted : https://vivaranalk.com ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ අවිධිමත්ව ස්ථාපිත කරන්නට උත්සාහ ගත් කාබනික වගා සංග්‍රාමය උපන්ගෙයිම මිය ගියේ ගොවියා කබලෙන් ලිපට වට්ටමින් හා ආණ්ඩුවට ගෙදර යන්නට එක් බලවත් හේතුවක්ද වෙමිනි. අදවනවිට, තමන්ම ගෙවත්තේ වවා ගතහොත් හෝ ඉහළ මිළක් ගෙවා සුපිරි වෙළඳසැළකින් මිළට ගතහොත් හෝ නොවන්නට කාබනික ආහාර පරිභෝජනයට අවස්ථාව අහිමි මෙරට ජනයාට වස යෙදූ බව දැන දැනම එළවලු ඇතුළු සෙසු ආහාර පරිභෝජනය කරන්නට සිදුව ඇත. ඊට හේතුව කාබනික ආහාර සුලබ නොවීම හා කාබනික වගාවට පමණක් යොමුවීම දුෂ්කර වීමයි. එසේම උඩරට හා පහතරට එළවළු වර්ග බොහෝමයක් කෘෂි රසායනික නොයොදා වගා කළ නොහැකි බව ගොවීන්ගේ අත්දැකීමයි. ලංකාවේ කෘෂිකර්මාන්තයේ ස්වභාවය අනුව සම්පූර්ණයෙන්ම…
Read More
නෙතන්යාහු අත් අඩංගුවට ගැනීමේ නියෝගය තවත් පුස් වෙඩිල්ලක්?

නෙතන්යාහු අත් අඩංගුවට ගැනීමේ නියෝගය තවත් පුස් වෙඩිල්ලක්?

Originally From: https://vivaranalk.com/ පසුගිය සතියේ අන්තර්ජාතික අපරාධ අධිකරණය ඊශ්‍රායෙල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ ඔහුගේ ආරක්ෂක ඇමතිව සිටි යෝව් ගැලන්ට් අත් අඩංගුවට ගැනීමට නියෝගයක් නිකුත් කෙළේය. යුද උපක්‍රමයක් වශයෙන් ජනතාව සාගින්නේ තැබීම, මිනිස් ඝාතන, වධ හිංසා පැමිණවීම සහ වෙනත් අමානුෂික ක්‍රියා තුළින් මානව වර්ගයාට එරෙහි අපරාධ සිදු කිරීම යන චෝදනා ඊශ්‍රායෙලයට එරෙහිව ඉදිරිපත්ව තිබිණ. එම චෝදනා සලකා බැලූ අභිචෝදක කරීම් ඛාන් ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත්ව ඇති නිසා නඩු විභාගයට පූර්වයෙන් ඔවුන් අත් අඩංගුවට ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙස  අධිකරණයෙන් ඉල්ලීමක් කෙළේ පසුගිය මැයි මාසයේ දිය. සාමාන්‍යයෙන් මෙවැනි ඉල්ලිමක් පිළිබඳව මාස දෙකක් ඇතුළත නියෝගයක් නිකුත් කරන නමුත් මෙම නියෝගය නිකුත් කිරීමට මාස හයකට…
Read More
ජාතීන් අසමත් වෙන්නේ ඇයි?

ජාතීන් අසමත් වෙන්නේ ඇයි?

By Jaya Pathmapani on November 24, 2024 සැකෙවින් කියවමු ජාතීන් අසමත් වෙන්නේ  ඇයි?  – බලය, සෞභාග්‍ය සහ දරිද්‍රතාවේ සම්භවය.– ඩැරොන් අසෙමොග්ලු සහ ජේම්ස් ඒ. රොබින්සන්  Why Nations Fail, The Origins of Power, Prosperity and Poverty by Daron Acemoglu & James . A. Robinson ආචාර්ය ඩැරොන් අසෙමොග්ලු ඇමෙරිකා එක්සත් ජනපදයේ චිරප‍්‍රසිද්ධ  ඵම් අයි ටී (MIT) ආයතනයේ ආර්ථික විද්‍යාව පිළිබඳ කිලින්ග් ආසනය හොබවන මහාචාර්යවරයායි.  ආචාර්ය ජේම්ස් ඒ රොබින්සන් සුප්‍රකට හාවඩ් විශ්ව විද්‍යාලයේ ආණ්ඩු කිරීම විෂය පිළිබඳ ඩේවිඩ් ෆ්ලොරන්ස් ආසනය හොබවන මහාචාර්යවරයායි. ඔවුන් දෙපොළ විසින් ලියූ Why Nations Fail, The Origins of Power, Prosperity and Poverty (ජාතීන් අසමත් වෙන්නේ  ඇයි?  –  බලය, සෞභාග්‍ය සහ දරිද්‍රතාවේ සම්භවය) නමැති ඉමහත් අවධානයක් දිනා ගත් මේ පොත මුල් වරට පළ වෙන්නේ…
Read More
රටේ අනාගතය තීරණය වන දේශපාලන හැරවුම් ලක්ෂ්‍යය කොතැන ද?

රටේ අනාගතය තීරණය වන දේශපාලන හැරවුම් ලක්ෂ්‍යය කොතැන ද?

Originally From: https://vivaranalk.com/ දේශපාලනයේ පළපුරුදු නායකයන් සහ ඔවුන්ගේ අනුගාමිකයන් ගේ අනාවැකි බොරු කරමින් ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තු මැතිවරණයෙන් සෑම අතින්ම විශිෂ්ට ජයග්‍රහනයක් ලබා ගත හැකි විය. ජනාධිපතිවරණයේ දී ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් සියයට පනහ ඉක්මවා ඡන්ද ලබා ගැනීමට නොහැකිවීම නිසා අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සරදමට ලක් කළ අනුර කුමාර ගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගයට ඡන්ද හැටනම ලක්ෂයට ආසන්න ප්‍රමාණයක් ලබා ගත හැකි වූ අතර එය ප්‍රතිශතයක් වශයෙන් සියයට 61.5% කි. එම ඡන්ද ප්‍රමාණය ඔහුට ජනාධිපතිවරණයේ දී සියයට පනහ ලබා ගැනීමට නොහැකිවීම ඕනෑවටත් වඩා ඉක්මවා යෑමකි. වැදගත්ම කාරනය වන්නේ දිවයිනේ දිස්ත්‍රික්ක 22 න් 21කම ජයග්‍රහණය හිමි කර ගැනීමට ජාතික ජන බලවේගය…
Read More